2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'ප්‍රවාහනය බත්තරමුල්ලට ප්‍රවාහනය නොකරනු'
ලියොන් ගුණවර්ධන Tuesday, 01 December 2015 04:29 PM
පිටපලාත්වල රජයේ සේවකයින් බොහෝදෙනා පැමිණෙන්නේ සහන ගාස්තු ක්‍රමයක් තිබෙන නිසාත් මාර්ග අවහිරයක් නැතිව දුම්රියෙන් වෙලාවට කාර්යාලයට පැමිණිය හැකි නිසාත්ය තවද සියලුම රජයේ කාර්යාල තිබුනේ කොළඹය පිටපලාත්වල සිට එන අයට නිසි වෙලාවට යාමට නොහැකි නිසා මෙම උද්ඝෝෂණය සාධාරණය (බ)
නන්දලාල්-ප්‍රංශය Tuesday, 01 December 2015 04:55 PM
විදේශීය රටවල ජීවත්වන අපිට අපේ මව්බිම ගැන කළකිරීමක් සහ පුදුමයක් ඇතිවෙනවා. රට පාලනය කරන්නේ රජයද, රජයේ සේවකයෝද කියා අපිට ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඕනෑම රජයක් යම් තීරණයක් ගන්නාවිට එයට විරුද්ධවීම රාජ්‍ය සේවකයන්ගේ "රාජකාරි සංස්කෘතියේ" අංගයක් වී තිබෙන බව මින් පැහැදිලි වෙනවා. මෙරටේ සේවකයන් රටේ ඕනෑම පළාතක සේවය කිරීමට බැඳී සිටිනවා. (නි)
සම්පත් Tuesday, 01 December 2015 09:32 AM
ලස්සනට මුහුණු ටික වහගෙන ඉන්නවා නේද? (නි)
සිසිර Tuesday, 01 December 2015 09:44 AM
මතන ඉන්න බොහෝදෙනා වෙලාවට කලින් ගෙදර යන්න බැරි වන නිසාද කොහේද අකමැති. මොකද බත්තරමුල්ලේ ඉඳලා කොටුවට දුරයිනේ (නි)
පුබුදු Tuesday, 01 December 2015 09:50 AM
ප්‍රවාහන අමාත්‍යංශය ටිකක දුරට දාන එක හොඳයි. මොකද අපි විඳින දුක දැකගන්න (නි)
මැටිපහන Tuesday, 01 December 2015 10:10 AM
ඕක ඔතනින් ගලවල බත්තරමුල්ලට ගෙනියන එකේ තියෙන වැරැද්ද මොකක්ද? ඔය වගේ තැනක තියෙන්න ඕන හොඳ ජනතාවට වැඩක් කරන ආයතනයක්. ප්‍රවාහන අමාත්‍යාංශය කියන්නේ ජනතාව පිඩාවට පත් කරන ආයතනයක්. ඕක ඔතනින් ගිහිල්ල කොහේ අැටෙව්වත් අපට නම් වැඩක් වෙන එකක් නැහැ. (ස)
සරත් Tuesday, 01 December 2015 10:10 AM
ඔයාල රටට බරක් මහත්වරු නේ .ඔතන එක්කෙනෙක් වත් ඉන්නවනම් කියන්න දේශපාලනයෙන් රස්සාව නොගත්ත කෙනෙක්. සහ කවුද හරියට රස්සාව කරන්නේ කියලත් කියන්න. ඔක්කොම හොරු .නැතිනම් ඔය ආයතන පාඩු ලබාවි ද? (ස)
කාමිණි කෞශල්‍යා Tuesday, 01 December 2015 11:04 AM
මෙහෙමයි, ඒ මිනිස්සු ප්‍රවාහන අමාත්‍යාංශය ගෙනියන්නේ කීයක් හරි කොමසන් මුදලක් ගසා කන්නයි. අද රට යන විදියට ඕවා සුලු දේවල්. (ස)
සංජීව Tuesday, 01 December 2015 11:36 AM
මමත් ලංගමයේ වැඩකළා. නමුත් දේශපාලනය ගැන කළකිරී ඉන් ඉවත්වුණා (නි)
ඇසළ Tuesday, 01 December 2015 12:30 PM
රජයේ ගොඩනැගිල්ලක හිටියම කුලී මුදල් වලින් කොමිස් හම්බවෙන්නේ නැහැ. මාසෙකට ලක්ෂ 50 ක් කුලිය ගෙවන ගොඩනැගිල්ලකට ගිහාම මාස් පතා කොමිස් මුදල් හම්බ වෙනවා. එක සාමාන්‍ය දෙයක් ඒ තරම් කෑගහන්න උද්ඝෝෂණ කරන්න දෙයක් නෙමෙයි. පොඩි ළමයෙකුට වුනත් තේරෙන දෙයක්.(හේ)
බමුණු ආරච්චි Tuesday, 01 December 2015 12:54 PM
හැමඑකම බත්තරමුල්ලට ඇයි දෙන්නේ? බත්තරමුල්ලේ ඉන්න අපිට පාරේ යන්නවත් දැන් නිදහසක් නැහැ. බස් එකක් යන්න ඉඩන නැහැ. බත්තරමුල්ල අවට සිටි අපිට ඒ කාලේ තිබුන නිදහස දැන් නැහැ. උද්ඝෝෂණ කරන්න අපේ සහයෝගය දෙනවා. (නි)
සේන Tuesday, 01 December 2015 01:14 PM
රජයේ සේවකයන්ගේ පත්වීමේ ලිපියේ අනිවාර්ය කොන්දේසියක් තමයි " දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා ඔබ බැදී සිටියි" මේ පත්වීම් ලිපිය තමයි අත්සන් කරලා බාරගන්නේ. (නි)
චාන්දනී Tuesday, 01 December 2015 01:30 PM
හැම ආයතනයක්ම බත්තරමුල්ලට පටවන්නේ ඇයි? අපි ඉස්කෝලේ යන කාලේ සිටම ඇතුල් කෝට්ටේ හන්දියේ පාර්ලිමේන්තු පාරේ පුදුම වාහන තද බදයක්. තව තවත් රජයේ ස්ථාන මේ පැත්තට ගෙනාවාම අපිට එදිනෙදා වැඩට කොළඹ යන්න වෙන්නේ හෙලිකොප්ටර් වලින්. (හේ)