IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුරාවිද්‍යා ස්ථාන රකින ආයතනවල අයට දිරිදීමනාවක්

 

(ඩයනා උදයංගනී)

පුරාවිද්‍යාත්මක ස්ථාන රැකගැනීමට දායක වන ආයතනවල කාර්ය මණ්ඩල දිරිගැන්වීම සඳහා පුරාවස්තු තෑගි අරමුදලින් දිරිදීමනාවක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා අවස්ථාව ලැබෙන පරිදි 1940 අංක 9 දරණ පුරාවස්තු ආඥාපනතේ විධිවිධාන පරිදි යෝග්‍ය රෙගුලාසි පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානයකට හෝ දේපලකට නීති විරෝධී ලෙස හානිකර පුරාවස්තු ආඥා පනත උල්ලංඝනය කරන අයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ තවත් රාජ්‍ය ආයතනවලට හැකියාව පවතින අතර, අනාගත පරම්පරාව වෙනුවෙන් පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කිරීමට දායකත්වය ලබාදෙන එම ආයතන කාර්ය මණ්ඩල වෙනුවෙන් මෙම දිරිදීමනාව ලබාදීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.



අදහස් (1)

පුරාවිද්‍යා ස්ථාන රකින ආයතනවල අයට දිරිදීමනාවක්

sharm warn Tuesday, 29 November 2022 03:44 PM

මේ මොන අමන කතාවක්ද මේ? රටේ ඉන්න පුරාවිද්‍යා නිලධාරීන් සහ පොලිසිය සම්බන්ධ වෙලා කරන්න තියෙන වැඩක් වෙනත් ආයතනවලට පවරන්න හදන්නේ? ඊටපස්සේ ඔහෙලගේ අයට කම්පැණි හදලා පුරාවිද්‍යා ස්ථාන සුරකින්න දාලා ඒකෙනුත් රටේ සල්ලි ගසාගන්නද හදන්නේ? ඇත්තටම මේ අයට ඡන්දෙ දුන්නු හරක් කොහේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 844 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site