ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි පවසයි.
අද(29) පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට බාරදී ඇත.
පෞද්ගලික හේතුවක් මත ඔහු එසේ ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
48
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1558
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
Raveendra Friday, 29 September 2017 06:47 AM
හත්දෙයිනේ ඉල්ලා අස්වෙන හැමෝම අසූහාරදාහේ පෞද්ගලික ප්‍රශ්න තියෙන නිලදාරීන් ????? දැන් බලනකොට මෙම නිළධාරීන් මෙතෙකල් මෙවැනි පෞද්ගලික ප්‍රශ්න තබාගෙන රජයේ සේවයේ කෙසේ කළාද යන්න අපට නම් විශාල ගැටලුවකි.අපට නම් හොදින් වැටහෙන එක දෙයක් ඇත සත්‍ය කතාකිරීමට අධික බයක් දක්වනවා නැතිනම් මෙම නිළධාරීන් සියල්ලෝම "වංක" නිළධාරීන්.
සමන් - ඕමානයFriday, 29 September 2017 08:05 AM
මේකනේ රවීන්ද්‍ර මල්ලි! නිලධාරීන් එනකොට පෞද්ගලික ප්‍රශ්න නැති වුණත්, මේ ගොල්ලන්ගේ අණ ක්‍රියාත්මක කරන කොට ඒවා පෞද්ගලික ප්‍රශ්න වෙනවනේ. අවභාවිතා කළා, වැරදි නියෝග දුන්නා කියලා නඩු වැටෙන්නේ කාටද? හිරේ යන්න වෙන්නේ කාටද? කෝටි ගණන් දඩ ගෙවන්න, වන්දි ගෙවන්න වෙන්නේ කාටද? ඉතින් මේවා පෞද්ගලික ප්‍රශ්න නොවේ නම්! ඉතින් ඊට කලින් දෙයියනේ කියලා අස්වෙලා ගෙදර යනඑක ඇඟට ගුණයිනේ!
RaveendraFriday, 29 September 2017 09:03 AM
සමන් - ඕමානය මයා වෙත, ඔබගේ අදහසට ගරු කරන්නෙමි. එය ඉතාමත්ම නිවැරදි විය හැක. නමුත් නිලධාරීන් නීතිගරුක, අවංක නම් ඔවුනට සත්‍ය ප්‍රකාශ කල හැකිය. අහවල් ප්‍රශ්න, අහවල් දේශපාලකයන්ගේ නියෝග නිසා ඉල්ලා අස්වෙනවා යන්න වඩාත් වැදගත් වෙනවා. අනෙකුත් නිලධාරීන්ට මෙන්ම එම දේශපාලකයන්වත් හොඳින් සමාජයට විවෘත්ත වීම රටට හොඳක් නොවන්නේද?
sensa Friday, 29 September 2017 07:11 AM
හේතුව කව්රුත් දන්නවා.
susanthi Friday, 29 September 2017 07:22 AM
පෞද්ගලික ප්‍රශ්න හිසේ තියාගෙන නිළතල දරන්න ගියාම අවුල් වෙන්නෙ අනිත් අයගෙ ඔලු ඒ නිසා අයින් වුන එක හොදයි.
Nandalal Friday, 29 September 2017 08:09 AM
ඇමතිතුමා එක්ක කචල් දාගෙනද මෙහෙම වුණේ? එහෙම නම් එකත් "පෞද්ගලික හේතුවක්" තමා කියලයි අපට හිතන්න වෙන්නේ ! ඇමෙරිකාවේ ට්‍රම්ප් ජනධිපති තුමාගේත් කට්ටිය කීප දෙනෙක්ම මේ විදියට "ඉල්ලා අස් වුණා"පිට පිටම" .....
Upul Friday, 29 September 2017 08:37 AM
ඇත්ත කියලා යනවා නම් නිලධාරීන්ට හොද හයියක්....
Lapaya Friday, 29 September 2017 08:53 AM
ඇමතිතුමා කෙසෙල් ගෙඩියක්වත් කන්න කියලා කතාකළාද මන්දා...
RaveendraFriday, 29 September 2017 09:41 AM
ලපයා මයා වෙත, ඔබගේ සුන්දර වූ අදහස අප සිනහමුසු මුහුණින් තේරුම් ගත් අතර එයට මෙයද එක් කිරීමට කැමැත්තෙමු. ඔබ අදහස් කලේ ඇටිකෙසේල්ද? නැතිනම් බෙහෙත් සුවඳැල් කෙසෙල්ද ? මක්නිසාදයත් ඇටිකෙසෙල් "උගුඩුවොත්" අනුභව කරනවා නොවැ.
mahee Friday, 29 September 2017 09:58 AM
රජයේ නිලධාරියෙක් ඉල්ලා අස්වෙන්නේ රාජකාරිය තව දුරටත් කරගෙන යන්න බාධා එනකොට. ඒක ඇමතිගෙන් එන බලපෑම් වෙන්න පුළුවන්, උසස් නිලධාරීන්ගෙන් එන බලපෑම් වෙන්න පුළුවන්, පාතාලයෙන් එන බලපෑම් වෙන්න පුළුවන්... නමුත් ඒ හේතු කියන්න යන්නේ නැහැ ඔවුන්. සම්ප්‍රදායක් හැටියට පෞද්ගලික හේතුවක් කියලා අයින් වෙන එක තමයි කරන්නේ. මතකද ඒක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කෙනෙක් හිටියා වතුර පවා ගෙදරින් ගෙනත් බීපු. හේතුව? වහ දාලා දෙයි කියන බයට. එතුමාම ඒක කියලා තිබුණා.
daham Friday, 29 September 2017 11:18 AM
මෙයාට පන්දම් අල්ලලා, ගතු කේලම් කියලා අනිත් සේවකයන්ට උගුල් ඇදපු අයට මොකද වෙන්නේ?
SLFriday, 29 September 2017 08:39 PM
එහෙමනම් එතකොට ඊළඟ එක්කෙනාටත් අල්ලයි !!!
dias Saturday, 30 September 2017 01:24 AM
මෙහෙම කරපුවාම ආතතිය හැදුනේ නැත්ද?