අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ සිටි විශිෂ්ටතම වාර්තාකරුවකු සහ තීරු ලිපි රචකයකු මෙන්ම එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ සිටි දක්‍ෂ පිතිකරුවකුද වූ පීටර් රෝබක් මහතා දකුණු අපි‍්‍රකාවේ හෝටලයකදී පසුගිය සෙනසුරාදා (13 වැනිදා) අවසන් හුස්ම හෙළීය. මිය යන විට 55 වැනි වියේ පසුවූ රෝබක් මහතා ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ වාර්තාකරුවකු ලෙසින් කටයුතු කරමින් සිටියේය.
රෝබක් මහතාගේ මරණය සියදිවි නසා ගැනීමක් බව දකුණු අපි‍්‍රකානු පොලිසිය නිවේදනය කරයි.
එංගලන්තයේ උපත ලද පීටර් රෝබක් මහතා කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ නීතිය හදාරා ඇති අතර පළමු පෙළ තරග 355 කට සහභාගි වීමෙන් පසුව කි‍්‍රකට් වාර්තාකරණය සිය ජීවන වෘත්තිය ලෙසින් තෝරා ගත්තේය.
ලෝකයේ සුප‍්‍රසිද්ධ පුවත් පත් කිහිපයකටම වාර්තා සැපයූ රෝබක් මහතා ඕස්ටේ‍්‍රලියානු ගුවන් විදුලි සේවයේ විස්තර විචාරකයකු ලෙසින්ද කටයුතු කළේය.
එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ දැක්වූ දස්කම් නිසා 1988 දී වසරේ හොඳම කි‍්‍රකට් කී‍්‍රඩකයන් පස් දෙනාට හිමිවන ‘විස්ඩන් කි‍්‍රකට් කී‍්‍රඩකයා’ සම්මානය දිනාගත් පීටර් රෝබක් 80 දශකය මුල් භාගයේදී එංගලන්තයේ සමර්සෙට් ප‍්‍රාන්ත පිලේ නායකත්වය දැරීය. එංගලන්ත පිලේ හිටපු නායක ඉයන් බොතම් සහ කොදෙව් පිලේ හිටපු නායක ශී‍්‍රමත් විවියන් රිචඞ්ස්ද රෝබක් නායකත්වය දැරූ සමයේදී සමර්සෙට් පිලට කී‍්‍රඩා කළහ.
කි‍්‍රකට් කී‍්‍රඩාව පිළිබඳව ලියැවුණු පොත් කිහිපයකම කතුවරයාද වන රෝබක් මහතා කි‍්‍රකට් කී‍්‍රඩාවේ සිදුවන අකටයුතුකම් පිළිබඳ නිර්දය විචාරකයකු වශයෙන්ද ප‍්‍රසිද්ධියක් ඉසිලීය.
2025 නොවැම්බර් මස 04
579
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2273
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1705
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප‍්‍රවීණ කි‍්‍රකට් මාධ්‍යවේදී පීටර් රෝබක් දකුණු අපි‍්‍රකාවේදී දිවියෙන් සමුගනී