IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තු සේවකයින්ගේ හිලව් දීමනා දෙවැනි වරටත් ඉවතට

(සුජිත් හේවාජුලිගේ) 

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය  දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර  ඇතැයි වාර්තාවේ.

මේ අවස්ථාවේදී එම හිලව් දීමනාව ලබාදිය නොහැකි බව අමාත්‍යාංශ නිලධාරීන් දැනුම් දී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප කෙරුණු විට පාර්ලිමේන්තු සේවකයන්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඒ පිළිබඳව  යළි කරුණු සළකා බලන ලෙස ඉල්ලීම් කර තිබිණි.

එම සේවකයන් මෙම ඉල්ලීම කරන ලද්දේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

තමන් නිවාඩු ලබා නොගෙන කරන ලද සේවාව වෙනුවෙන් ලැබිය යුතු දීමනාව මෙසේ අහිමි කිරීම බලවත් අසාධාරණයක් බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.



අදහස් (6)

පාර්ලිමේන්තු සේවකයින්ගේ හිලව් දීමනා දෙවැනි වරටත් ඉවතට

U I Jayasinghe Monday, 27 January 2025 01:34 PM

නිවාඩු යනු අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයකි

:       8       29

කෝ මනුස්සකමMonday, 27 January 2025 02:28 PM

නිවාඩු යනු වරප්‍රසාදයක් නොව අයිතිවාසියකි. මනුශ්‍යත්වයේ නාමයෙන් සේවකයින්ට ලබාදුන් මානව අයිතියකි. මේ නිවාඩු අවලංගු කරන්නේ වෑල්ඩින් ආචාරියා ඇතුලු පිනාචාර්ය, අනාචාර්ය සෙට් එකේ රෙදි ගැලවීමේ පලිය ගැනීමටයි...

:       19       13

අමල් Monday, 27 January 2025 02:14 PM

නිවාඩු ගන්නේ නැතිව "L " බෝර්ඩ් කතානායකලා දෙන්නෙක්වම පුරුදු කරන එක ලේසි පහසු වැඩක්ද ? ඒ මදිවට තමන්ගේම කැන්ටිමේ, තමන්ට කන්නත් නැතිකොට !

:       22       16

යෝගා Monday, 27 January 2025 02:42 PM

ඕවා නොගෙව්වාට ජේවීපි පාක්ෂිකයෝ තිස්දාහකට රජයේ රැකියා දෙනවාලු. හැබැයි ලොක්කා කියන හින්දා ඒකත් පචයක්ද දන්නේ නෑ...

:       16       12

Jayathilaka Monday, 27 January 2025 03:13 PM

එහෙම නම් රජයේ සෑම සේවකයකුටම හිලව් නිවාඩු වලට ගෙවන්න...

:       2       25

කොඩිතුවක්කු Monday, 27 January 2025 06:09 PM

පාර්ලිමේන්තු සේවකයින්ට වෙනත් රාජ්‍ය සේවකයින්ට නැති අයථා ලෙස නතු කරගත්තු වාසි රාශියක්ම තියෙනවා. ඉතා සුළු නොවටිනා මුදලක් පඩියෙන් කපලා ඉතා ඉහළ මිලක් ආහාර ලබා ගන්නවා. ඒකනිසා තමයි කෑම සඳහා විශාල පිරිවැයක් යන්නේ. කෝටි ගණනක් වියදම් යන්නේ, මුළු රටක් බදු සල්ලි සේවකයින්ට කන්න දෙනවා. දේශපාලකයෝ නොව මෙන්න මේ සේවකයින්ගේ සමස්ත පිරිවැය ගණනය කරලා බලන්න. දේශපාලකයින්ගේ කෑම වේලෙ මිල වැඩි කාලයට සේවකයින්ගේ කෑම වේලෙ මිල වැඩි කළේ නෑ. සේවකයෝ විශාල ගණනක්, තුට්ටුවක් ගෙවලා නිකන් වගේ කෑම දිනපතා ගන්න නිසා තම පාර්ලිමේන්තුව පවත්වන්න අති විශාල පිරිවැයක් යන්නේ. මෙව්වා තමයි හැදෙන්න ඕනෑ... තැන්, රාජ්‍ය වියදම් අඩු කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site