IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු මන්ත්‍රීෙගන් පහර කෑ හිටපු සංවිධායක රෝහලේ

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පානදුර සුමිත් පොතුපිටිය)

ආරක්ෂක නිලධාරීන් අත්දෙක  අල්ලාගෙන සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු  ඇතුළු පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි

මෙලෙස රෝහල් ගතව ඇත්තේ  ජාතික නිදහස් පෙරමුණේ පානදුර දිග්ගල හිටපු සංවිධායකවරයෙකු මෙන්ම අපේක්ෂකයෙකු වන විශ්වනාත් ද අල්විස් නැමැති 42 දෙදරු පියෙකි 

පහර කෑ පුද්ගලයා අද සවස් වරුවේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා සමග බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ අවමඟුල් නිවසක ට පැමිණ තිබූ බව පොලිසිය කියයි

මද වේලාවක දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ පිරිසක්  එම අවමඟුල් නිවසට පැමිණ ඇති අතර  පහර කෑ පුද්ගලයා ඔහු සමග පැමිණි  හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම්  වරයා සමග නිවස කරා යාම සඳහා යතුරුපැදියෙන් පැමිණ ඇතැයි පොලිසිය කියයි

මද වේලාවකදී බණ්ඩාරගම කැස්බෑව මාර්ගයට පැමිණිර ඔවුන් බණ්ඩාරගම දෙසට යාම සඳහා මද දුරක් පැමිණීමේදී
සුඛෝපභෝගී ජීප් රථයෙන් පැමිණ තිබූ මන්ත්‍රීවරයා යතුරු පැදිය නවතන ලෙස පවසා පහර කෑ අය අසලට පැමිණ ඇති අතර ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්දෙක අල්ලාගෙන සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයන් කීප දෙනකු එක්ව ඔහුට පහර දුන් බවත් එම අවස්ථාවේදී   මන්ත්‍රීවරයාගේ පා පහරක් ද  යටි බඩ ප්‍රදේශයට එල්ල කළ බව ද කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ

පැමිණිල්ල සිදු කරමින් සිටිය දී පහර කෑ පුද්ගලයා ක්ලාන්තව බණ්ඩාරගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ඇද වැටුණු අතර වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සහ එම පුද්ගලයාගේ හිතවතුන් මූලික ප්‍රතිකාර ලබාදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත

පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී  උපාලි  මහත්වරුන්ගේ  උපදෙස් මත  බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සී රාජපක්ෂ ,සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සී.චාමින්ද මහත්වරු පරීක්ෂණ පවත්වති. 



අදහස් (10)

පාර්ලිමේන්තු මන්ත්‍රීෙගන් පහර කෑ හිටපු සංවිධායක රෝහලේ

Rangana Tuesday, 13 December 2022 07:44 PM

වැරදිලාවත් මන්ත්‍රීගෙ නම එහෙම නම් සඳහන් කරන්න එපා... පව්නෙ..

:       0       9

sampath Tuesday, 13 December 2022 08:59 PM

වාහනය සමග සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි කටයුතු බාදාවකින් තොරව පවත්වාගැනීමට ඉහලින් සහය ලැබෙයිද කියලා ජනතාව බලන් ඉමු.

:       0       5

නිමේෂ් Tuesday, 13 December 2022 09:40 PM

ඔන්න උන්ගේ කෙනෙක් ගේ වැඩක්, දැන් බලමු අපි හෙට දින පාර්ලිමේන්තුවේ මේ ගැන විශේෂ විවාදයක් තියල හැම පක්ෂෙම කට්ටිය මේගැන විරෝදය පළකරයි ද කියාල , රනිලුත් නිතිය තදින් ක්‍රියාත්මක කරන්න කියල පොලිසියට උපදෙස් දේවිද කියල

:       0       4

arschfikaa Tuesday, 13 December 2022 11:14 PM

ජනිපෙ කියන්නෙ අර විමලයගෙ පක්‌ෂෙනේද? එහෙනම් අපරාදෙ මෙ අහිංන්සකයාට පහරදුන් එකට, විමලයටයි මුසාමිලයටයි නෙ ගහන්න තිබුනෙ.

:       1       4

විජිත් Tuesday, 13 December 2022 11:53 PM

පරීක්ෂණ කර කර ඉන්න... ගිහින්ප හර දුන්න අය අත්අඩංගුවට ගන්නවා. බයයි නේද...?

:       0       8

සංඛ Wednesday, 14 December 2022 07:07 AM

ගුටි කාපු මිනිහාගේ නම දානවා, ඇයි ගහපු මිනිහගේ නම දාන්න බැරි?

:       0       15

Vira Wednesday, 14 December 2022 08:45 AM

අම්මෝ දැන් අර මන්ත්‍රීව අල්ලලා හොඳ දඬුවමක් දෙයි.

:       0       9

harsha Wednesday, 14 December 2022 09:08 AM

මන්ත්‍රීගේ නම කියන්නකෝ...

:       0       10

BhanukaWednesday, 14 December 2022 10:41 AM

ජයන්ත සමරවීර (වීරවංසගේ පක්ෂේ)

:       0       2

Lalith M Wednesday, 14 December 2022 11:23 AM

බල්ලොත් එක්ක ලැග්ගම විය යුතුදේ වෙලා... ලෝක ධර්මය.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site