පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය ක්‍රියාවට නැංවීමේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයෙන් ලබාදිය හැකි උපරිම දායකත්වය ලබාදීමට හා පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට ඉටුවිය යුතු සේවා කඩිනමින් ඉටු කිරීමට තමන් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ පිහිටි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
‘පසුගිය දින 100 මට මේ අමාත්‍යංශයට එන්න හැකිවුණේ නැහැ. දින 100 වැඩපිළිවෙළ හා මැතිවරණය නිසා අපි බොහෝ සේ කාර්ය බහුල වුණා. දැන් මෙම අමාත්‍යංශය විශේෂ එකක්. සේවකයන් ලෙස මා සමග සුහදව වැඩකළ හැකියි. ඔබට ඕනෑම මොහොතක මා සමග සාකච්ඡා කරන්න පුළුවන්. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය මැති ඇමැතිවරුන්ගේ පහසුකම් සපයන ආයතනයක් සේම පාර්ලිමේන්තුවේ රජය සිදුකිරීමට දරන වෙනස වෙනුවෙන් මනා දායකත්වයක් සපයන ආයකනයක් බවට පත්විය යුතුයි‘ යැයිද එහි සේවකයන් හමුවූ අමාත්‍යවරයා සඳහන් කළේය.
ඡායාරූප - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 18
366
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1011
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පාර්ලිමේන්තු ප්‍රතිංසස්කරණ අමාත්‍යංශය විශේෂ එකක්‘
අමිල Thursday, 01 October 2015 12:00 PM
ජිනීවා ජිනීවා කිව්වට මිනිස්සුන්ගේ බඩ කට පිරෙන්නේ නැහැ. යුද්දේ වෙනුවෙන් ජනතාව බදු ගෙවල විශාල කැපවීමක් කළා. දැන්වත් බඩු මිල අඩුකරන්න. අපි යහපාලනයට ඡන්දේ දුන්නේ බඩු මිල අඩු කරාවිය කියන බලාපොරොත්තුවෙන්. මේ රටේ විශාල පිරිසක් නිසි පෝෂණය නොලබන මන්දපෝෂණයෙන් පෙලෙන බව සමීක්ෂණ වාර්තා වලින් පෙනී යනවා (බ)
ධම්ම Thursday, 01 October 2015 12:49 PM
පාර්ලිමේන්තුව හැදුනොත් රටම හැදුනා වාගේ තමයි. ඕක තමයි හදන්න අමාරුම තැන. (බ)
දුමින්ද Friday, 02 October 2015 01:56 AM
මෙවරවත් නිට්ටාවට බෙහෙතක් දෙන්න (නි)