IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතාගෙන් අද (10) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය.

එම දෙපාර්තමේන්තුවෙන් කෙරුණු දැනුම්දීමක් අනුව ජයලත් පෙරේරා මහතා ඊයේ පෙරවරුවේ එහි පෙනී සිටියේය.

එම දෙපාර්තමේන්තුව මෙයට පෙරද ජයලත් පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණ.

පාර්ලිමේන්තුව වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති සභා ලේඛන කාර්යාලය පවතින්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂවරයා යටතේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙයට පෙර සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානියාගෙන්ද  අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවිය සඳහන් කළ එම කාර්යාලයේ සේවකයෙකුගෙන් සහ සේවිකාවකගෙන්ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.

එම දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.

මේ අතර සභා නායක කාර්යාලයෙන් ලැබුණු ලිපියක සඳහන්ව තිබූ තොරතුරු අනුව හර්ෂන නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කළ බව එම සේවකයන් එහිදී සඳහන් කර ඇත. එම ලේඛනය සභා නායක කාර්යාලයට ලැබී තිබුණේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව එම කාර්යාල නිලධාරීන්ගෙන්ද මේ පිළිබඳව ඉදිරියේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ  තමාගේ නම ඉදිරියෙන් ආචාර පදවියක් සඳහන් කිරීමෙන් තමාට අපහාසයක් සිදු වූ බව පවසමින් අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පසුගියදා පැමිණිල්ලක් කළේය.

එම දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කළේ ඒ අනුවය.

මේ සිද්ධිය  කතාබහට ලක්වීමෙන් පාර්ලිමේන්තුවේද  පසුගියදා දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.



අදහස් (3)

පාර්ලිමේන්තුවේ සේවා ලොක්කාගෙන් පැය 5ක ප්‍රකාශයක්

swene Saturday, 18 January 2025 07:42 AM

එමිල් රංජන් ළමා හේවාට තම දෑත බදලා සම්මාන දීපු එක ගැනත් විමර්ශන තිබුණොත් නේද හොඳ? කොහොම වුවත්, ඉදිරියේදී සම්මාන දීමේ උත්සව වලින් වැළකී සිටිනවා නම් හොඳයි. එක එක වැඩකට නැති සමිති සමාගම් වලින් අත දිග හැරලා සම්මාන දෙන නිසා...

:       0       6

Bunny Preena Saturday, 18 January 2025 09:25 AM

හර්ෂණ නානායක්කාරට නම් අවුරුදු 5ක් යනකන්ම ඇදගෙන යන්න පුළුවන් ව්‍යාපෘතියක් ලැබිලා තියෙනවා.

:       0       6

Kamal Koyrala Sunday, 19 January 2025 03:03 PM

පාර්ලිමේන්තුවේ වග කිව යුත්තන් මේවා වෙබ් අඩවියට ඇතුළත් කිරීමට සත්‍ය අසත්‍ය භාවය සොයාබැලිය යුතුයි. මෙය වගකීම් විරහිත ක්‍රියාවක් නිසා ඇති වූ තත්වයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site