IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ වලි දාගත්ත තිදෙනාටම මසක තහනමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගුටිබැට හුවමාරුවකට සම්බන්ධවීමෙන් පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින  සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර  යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කමිටුව පාර්ලිමේන්තුවට ඊයේ (1) නිර්දේශ කළේය.

මේ අනුව එම තිදෙනාගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට අත්හිටුවීමේ නිර්දේශ ඇතුළත් වරප්‍රසාද සහ ආචාරධර්ම කමිටුවේ වාර්තාව එහි සභාපති හිටපු කතානායක මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (1) ඉදිරිපත් කරනු ලැබීය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනකදී බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ  පුස්තකාලය ආසන්නයේදී සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව  මෙම ගුටිබැට හුවමාරුව සිදුවූයේ පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදාය.



අදහස් (4)

පාර්ලිමේන්තුවේ වලි දාගත්ත තිදෙනාටම මසක තහනමක්

සමන් Friday, 01 December 2023 05:33 PM

බැරිද 225ම පාර්ලිමේන්තු තහනම් කරන්න...?

:       3       14

Rohana Saturday, 02 December 2023 08:06 AM

මාසයක් පාර්ලිමේන්තුව තහනම්කිරීමත් දඬුවමක්ද?

:       0       0

ranjith Saturday, 02 December 2023 08:09 AM

අසරණව හැසිරෙන අය ඉවත් කරන්න. කොහොමත් ඡන්දෙදී ඔක්කොම විසිවෙනවා...

:       0       0

Nimal Saturday, 02 December 2023 10:39 AM

කැකිල්ලේ තීන්දුවක්... අරගලය පටන්ගත් එක්කෙනාට මේ වගේ තුන්ගුණයක දඬුවමක් තමයි දෙන්න ඕනේ. අනිත් දෙන්නා අතේ වැරැද්දක් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site