IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ කේසර සිංහයෝ වගේම කේසර කපපු සිංහයෝත් ඉන්නවා

(සුජිත් හේවාජුලිගේ සහ   මහික වීරරත්න)

මේ සභාවේ  කේසර සිංහයන් වගේම කේසර  කප්පාදු කරපු සිංහයනුත් සිටින බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4)  පැවසීය.

සුදු කරපටි වංචාව මේ රටේ දිගටම සිද්ධ වෙන බව පැවසූ මන්ත්‍රීවරයා  මීළඟ මැතිවරණයේදී මේ 225 න් 125ක් ම ගෙදර බවද  ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.

රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.

මම ආණ්ඩුව නියෝජනය කරන්නේ හැට නව ලක්ෂයේ ජනවරමෙන්. මම පික් පොකට් ගහලවත් පස්සෙ දොරෙන් ඇවිල්ලවත් නොවෙයි. ඔබතුමා දූෂණය කතා කළා වැඩි දැයි සමහරු ප්‍රශ්න කරනවා.  මම කතා නොකර ඉන්නවනම් මේ පාර්ලිමේන්තුවට එනවාට වඩා හොඳයි ගෙදර ඉන්න එක. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කේසර සිංහයෝ.  එහෙම අයත් ඉන්නවා. කේසර කප්පාදු කරපු පිරිසකුත් ඉන්නවා. 1977 න් පසු මේ රටේ අමිහිරිම දේශපාලන යුගය ආරම්භ වෙනවා



අදහස් (6)

පාර්ලිමේන්තුවේ කේසර සිංහයෝ වගේම කේසර කපපු සිංහයෝත් ඉන්නවා

abaran Monday, 04 December 2023 04:07 PM

ඒ වගේම සිංහයෝ වෙන්න ගිහින් බලුවුණු කෙ‍නෙකුත් ඉන්නවා නේද? ඇත්තටම ඔහේ ජපානේ ගියේ මක්කටෙයි? ඔහේගේ ආචාර්ය උපාධියට වෙන්ටෑ. ඔහේ තවම දේශපාලනයට ළදරුවෙක්.. උන්නැහේ විවෘත ආර්ථිකයට බනිනවා.. ඒකෙන්ම මතුවුණු කෙනෙක්...

:       5       17

සාලිය​ Monday, 04 December 2023 04:11 PM

මහා කරච්චලයක්.. ඊයේ පෙරේදා සිංහවෙස් ගත්තු හිවලුන් හූ කියනවා.

:       3       9

අජිත්. Monday, 04 December 2023 04:52 PM

රොෂාන් රණසිංහ අපිට නම් මේ රටේ. අයිත් සැරයක් රිවස් කරන්න බැරි තරම් දුෂිත. නීච, ජඩ යුගය ආරම්භ වුනේ 2005 න් පස්සේ... එදා ඉඳන් තමයි මේ රට සම්පුර්ණ විනාශ යට පත් වුණේ ඒ. ඇඟ බේරාගන්න බොරු කතා කියන්න එපා...!

:       2       14

Ruwan Monday, 04 December 2023 07:04 PM

රාජපක්ෂලාත් එක්ක මුලු දේශපාලන ජීවිතයම ගෙවන කාලේ... ඔහේට ...දූෂණයට, හොරකමට, වංචාවට විරුද්ධ වෙන්න බැරිවුනේ මොකද...? නිකම් බොරුවට රඟපාන්න එපා හලෝ...!

:       0       0

චතුරි Tuesday, 05 December 2023 06:38 AM

කේසර සින්හයෝ. මේ කියන අය පාර්ලිමෙන්තුවේ ඉන්නවා. මම දන්න හැටියට. රතුපාට. අය ඇර. අනිත් සේරම මීහරක් ගොනෙක් වත්. නැහැ හොයාගන්න. තනකොල නුබුදුති සින්හපැටව්. මේක අහලා තියෙන වද. මුන් නොකන්නෙ මොනවද. සේරම දජරාව කනවා. අදින්නෙ සුදු. පලදින්නෙ පිරිත් නුල්. කරන්නෙ. බලු වැඩ. නමයන්නෙ කේසර සින්හයො. මේ කියා ගන්නෙ උන් මයි ජනතාව නෙමේ.

:       0       0

Bamunuarachchi Thursday, 07 December 2023 04:39 AM

අපිනම් උන්ට කියන්නේ බලුසිංගයෝ කියලා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site