IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පාර්ලිමේන්තුව අවට සම්බාහන මධ්‍යස්ථාන වටලා 23 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සිදුකළ විශේෂ මෙහෙයුමකදී පිළිගත්    ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් සපයන ස්ථාන හයක් වටලා කාන්තාවන් විසි දෙනෙකු ඇතුළු පුද්ගලයන් 33 ක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.

එම සම්බාන ආයතන වල රැඳී සිටි සිටි    පිරිමි   පුද්ගලයන් තිදෙනෙකුද ඒ අතර වන බව පොලිසිය කියයි.‍ෙසෙසු පුද්ගලයන් අතර විවෘත වරෙන්තු ලද පුද්ගලයන් තිදෙනෙක් , සැකපිට පුද්ගලයන් සිව් දෙනෙක් , නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයෙක් සහ අයිස් මත්ද්‍රව්‍ය  සමග පුද්ගලයෙක් මෙන්මතීරු බදු රහිතව ආනය කරනරන ලද  දුම් වැටි  1425ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක්ද ද ඒ අතර වන බව පොලිසිය සඳහන් කරයි .

දක්ෂ පලපුරුදු ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයකින් සැදුම්ලත් රජයේ ලියාපදිංචි සම්බාහන ආයතන බවට නීති විරෝධී අකාරයෙන් දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර පාරිභෝගිකයන් මුලා කර  පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශවල හතු පිපෙන්නාක් මෙන් දිනෙන් දින   ආරම්භ කර තිබෙන සම්බාහන ආයතන හා සැකකටයුතුු ස්ථාන   සම්බන්ධයෙන් ඊයේ (29) සිදු කළ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (5)

පාර්ලිමේන්තුව අවට සම්බාහන මධ්‍යස්ථාන වටලා 23 ක් අත්අඩංගුවට

Sriyal Thursday, 30 January 2025 09:19 AM

පව් පාර්ලිමේන්තුවේ අය

:       2       35

ravin Thursday, 30 January 2025 09:56 AM

පිනට කාපු පින්බතාලා 225 සුඛ විහරණය උදෙසා වෙන්න ඇති. පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳ නැද්ද ඔය ස්ථානවලටත් මහජන මුදල් වියදම් කරලද කියලා.

:       0       3

සිංහල නිංජා Thursday, 30 January 2025 10:14 AM

මෙවා පාර්ලිමේන්තුව වටේට නෙමෙයි. හැම සමුපකාරයක්ම පිටිපස්සේ දානව කියලනේ ඡන්දේ ගත්තේ. දිනුවට පස්සෙ පාර්ලිමේන්තුවට විතරයි.

:       2       8

පිටරටවැසියා Thursday, 30 January 2025 10:46 AM

වැඩිම දායකත්වය පාර්ලිමේන්තුවේ හිටපු පළපුරුදු කට්ටියගෙන්. ඒක හින්දා මේ දවස්වල බිස්නස් අඩු ඇති..

:       3       9

අරුණි Thursday, 30 January 2025 11:46 AM

පාර්ලිමේතුවට අලුතින් පැමිණි 159ත් අවශ්‍යතා ඇති මනුෂ්‍යයෝ ය. ඉතිරි අයට නම් ඕවා සාමාන්‍ය දේවල්.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site