IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පාර්ලිමේන්තුවෙන් පිට මහජන සභා පිහිටවන්න නීතියෙන් බැහැ

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න )

මේ රටේ කිසිම පුද්ගලයකුට පාර්ලිමේන්තුව හා සමාන මහජන සභාවක් හෝ වෙනයම් ආයතනයක් පිහිටුවීමට නීතියෙන් ඉඩක් නැතැයි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද (19)  පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පැවැසූවේ  සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

පාර්ලිමේන්තුව හා සමාන මහජන සභාවක් පිහිටුවීමට සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පළවී ඇතැයිද  ඔහු සඳහන් කළේය.

එවැනි ආකාරයේ ආයතන පිහිටුවීමට පාර්ලිමේන්තුවට පවා නොහැකි බව පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරුන් පත් වන්නේ රටේ ජනතාවගේ අභිලාෂ අනුව බවද සඳහන් කළේය.

ජනතාවට මැතිවරණවලදී මහජන නියෝජිතයන් වෙනස් කර ගත හැකි බවද  ඔහු පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූවේ  එම කාරණය වරප්‍රසාද කමිටුව හමුවට යොමු කරන බවයි.



අදහස් (4)

පාර්ලිමේන්තුවෙන් පිට මහජන සභා පිහිටවන්න නීතියෙන් බැහැ

sharm warn Wednesday, 19 October 2022 01:57 PM

ආ.. මහ ජනයා ඇත්ත සහ නිවැරැදි ක්‍රමය දැනගනියි කියලා බයවෙලා... හොරුන්ව පන්නන්න පෙළ ගැසෙමු. ජය ජනතාවට වේවා...!

:       5       12

fairoos Wednesday, 19 October 2022 04:37 PM

ඒ කියන්නේ ළඟදී ඡන්දයක් නැහැ කියන එකද?

:       0       0

Susantha Kodithuwakku Wednesday, 19 October 2022 05:20 PM

මෙහි වීඩියෝවේ link එක එවන්න පුළුවන්ද?

:       0       0

විපරමා Wednesday, 19 October 2022 05:51 PM

දූෂිත දේශපාලුවන් බයවෙලා? තම තමුන්ගේ පැටිකිරිය, කෙරුවාවල් එළියට එයි කියලා. දූෂිත දේශපාලුවන් පන්නා දැමිය යුතුයි...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site