(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකටයුතු කාන්තාවක් ජයන්තිපුර ප්‍රධාන පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවාය.
ඇය එප්පාවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.
කාන්තාව පාර්ලිමේන්තුවට ඇතුළුවීමට උත්සාහ දැරුවේ ඇයි දැයි ප්‍රශ්නයක් වන අතර ඒ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මෙම කාන්තාව ජයන්තිපුර ප්‍රධාන පිවිසුමෙන් ඊයේ පෙරවරුවේ කලබලයෙන් මෙන් ඇතුළුවීමට උත්සාහ දරා ඇත. මේ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරීන් ඇය ඇතුළුවීම වළක්වා ඇති අතර පොලිස් කාන්තාවක යොදවා එම කාන්තාව පසෙකට කැඳවාගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත.
අනතුරුව සැකකාර කාන්තාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා තලංගම පොලිසියට බාර දෙනු ලැබුවාය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාර්ලිමේන්තුවට හොරෙන් ඇතුළු වීමට ගිය කතක් අල්ලයි
' ප්‍රී-ෂූට් ' Friday, 02 September 2022 07:41 PM
බලන්න බඩේ ' රත්තරන් ' බැඳගෙනද ආවේ ප්‍රී-ෂූට් කරන්නද කියලා..!
Secret love Saturday, 03 September 2022 07:00 AM
තරුණ ඇමතිල කතා කරනව බලන්න යන්න ඇති.
rocky Saturday, 03 September 2022 12:14 PM
ඒ පැත්තේ තවත් පාර්ලිමේන්තුවක් තියනවද?
නිමේෂ් Saturday, 03 September 2022 01:04 PM
එහෙනම් ඔය හොරෙන් ඇතුළු වූ කෙනෙක් දැන් ජනාධිපති වෙලත් ඉන්නේ..!