(අංජුල මහික වීරරත්න)
පළපුරුද්දක් නැති පිරිසක් පාර්ලිමේන්තුවට පත්වුණොත් එයින් රටට යහපතක් වේ යැයි සිතන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මීගමුවේ දී අද (27) පැවසීය.
අද මාලිමාවේ සිටින පිරිස කවුදැයි ජනතාව හඳුනන්නේවත් නැතැයි කී විජයවර්ධන මහතා ගෑස් සිරින්ඩරයෙන් තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කණ්ඩායම සතුව දක්ෂ පළපුරුදු කණ්ඩායමක් සිටින බව සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජන හමුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අපගේ බලාපොරොත්තුව වූයේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.මේ රටේ ආර්ථිකය හදන්නට හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහට පමණයි.රට බංකොලොත් වූ අවස්ථාවේ ඉදිරිපත් වූයේ එතුමා පමණයි.අප සියලු දෙනාට ජීවත්වීම සඳහා ඔහු වාතාවරණය හදා දුන්නා.
නමුත් අවාසනාවකට ජනතාව වෙනත් තීන්දුවෙන් ගත්තා. පත් වූ ජනාධිපතිගේ කකුලෙන් අදින්නට අප බලාපොරොත්තු වන්නේ නැහැ.නමුත් එතුමාගේ ඇතැම් තීන්දු තීරණ ගැන අප සතුටු වන්නේ නැහැ.එතුමාට අත්දැකීම පලපුරුද්ද ටිකක් අඩුයි.රටේ නායකත්වය භාර ගැනීම යනු ලේසි පහසු වගකීමක් නොවේ.
රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථිකය පිළිබඳව තිබෙන දැනුම නිසා රටේ ආර්ථිකය යම් තත්ත්වයකට ගෙන ඒමට ඔහුට හැකියාව ලැබුණා. එදා අනුර එදා කියූ දේ සහ අද කියන දේ බලන විට පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබෙනවා. මේ මැතිවරණයේදී වත් රටට හරි නායකත්වයක් දෙන්නට අප කල්පනා කළ යුතුයි.
වත්මන් පාලකයන්ටත් වගකීම අතහැර යන්නට සිදුවුණහොත් යළි රටේ වගකීම බාරගන්නට පළපුරුදු කණ්ඩායමක් සිටිය යුතුයි" යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.
ඡායාරූප:- ප්‍රදීප් පතිරණ
ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි
2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ
වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා
සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස