IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පාර්ලිමේන්තුවට ආරක්ෂාව දුන් හමුදාව-පොලිසිය අතරට ජනපති යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක හමුදාව සහ පොලිසිය හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පස්වරුවේ ඔවුන්ට ස්තුතිය පළ ක⁣ළේය.

ජනාධිපති ධුරයට පත්වී පාර්ලිමේන්තුවෙන් පිටත්ව යන අතරතුර සිය රථයෙන් බැස ආරක්ෂක හමුදාව අතරට ගිය ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිසිය කළ මෙහෙවර පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කර තිබෙි.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමෙි ඡන්ද විමසීම වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දැඩි ආරක්ෂක ක්‍රම වෙිදයක් ක්‍රියාත්මක විය.
ස්ථාන තුනක දී ජනාධිපතිවරයා රථයෙන් බැස හමුදාවන්ට ස්තුතිය පළ කර තිබෙි.

2020 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත් වූ පසුබිම යටතේ පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය සදහා රනිල් වික්‍රමසිංහ මහතා  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පසුගිය 2021 වර්ෂයේ ජුනි මස 23 දින 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය. 
1949 මාර්තු 24 දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජයේ ද අග්‍රාමාත්‍ය ධුරය ද හෙබවීය.

1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ එතුමා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි.

1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූ අතර එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි. අවුරුදු 28 දී විදේශ කරයුතු නියෝජිත ඇමතිවරයා වූ හෙතෙම, පසුව තරුණ කටයුතු, අධ්‍යාපන සහ කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ ලෙස කැබිනට් අමාත්‍යධුර හෙබවීය.

1989 මාර්තු 06 - 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය. 

එතුමා ප්‍රථම වතාවට 1993 මැයි 7 වැනිදා ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍යවරයා ලෙස තේරී පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර හෙබවීය.  වික්‍රමසිංහ මහතා, දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රේල් 02 දක්වාත්, තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 21 දක්වාත්, සිව්වන වරට 2015 අගෝස්තු 24 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්, පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ. 

ඉන් අනතුරුව පසුගිය මැයි මස 09 දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස් වීමෙන් පසු  රනිල් වික්‍රමසිංහ මහතා එම මස 12 වැනිදා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් වී එම ධුරයේ කටයුතු කරමින් සිටි අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පසුගිය (14) දා සිට වැඩබලන ජනාධිපති ධුරයට ද පත්විය.
කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දී තිබේ.



අදහස් (18)

පාර්ලිමේන්තුවට ආරක්ෂාව දුන් හමුදාව-පොලිසිය අතරට ජනපති යයි

" පලමු ආදර්ශය " Wednesday, 20 July 2022 05:42 PM

රටේ නායකයා හැටියට නිහතමානීව ඔවුන් ළඟටම ගොස් හමුදාව, පොලීසිය කළ සේවය අගය කිරීමෙන් රටට දුන් "පළමු ආදර්ශය " !!

:       30       66

lakvidu Wednesday, 20 July 2022 06:22 PM

පුළුවන් නම් ජනතාව අතරට ගිහින් පෙන්නන්නකෝ...

:       56       78

චම්Wednesday, 20 July 2022 07:44 PM

මේ යන විදිහට ගෝඨාභය ගියා නම් කට්ටිය කතා කරන්නේ බෙන්ස් එක ගැනයි, ආරක්ෂාව ගැනයි .

:       7       42

RNY Wednesday, 20 July 2022 06:33 PM

කෙළෙහිගුණ...

:       19       67

ganegoda Wednesday, 20 July 2022 06:59 PM

බොරු සෝබන, දර්ශන, ඔහොම යන්නකෝ..!

:       62       49

NissankaThursday, 21 July 2022 10:18 AM

ඇමරිකාවෙ හිටපු ජනදිපති ඔබාමා කොපි කරන්න ගිහින්.

:       9       8

Nimal Wednesday, 20 July 2022 07:00 PM

ජාති, ආගම්, භේද නොමැතිව සියලු ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන්නා වූ ඕනෑම අර්බුදයකදී ඔවුන් වෙනුවෙන් ඉදිරිපත්වන ආරක්ෂක හමුදාව සහ පොලිසිය හමුවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්තුතිය පළ කර තිබේ...

:       17       63

fairoos Wednesday, 20 July 2022 07:03 PM

රනිල් ගෝ හෝම් අරගලයට ජයවේවා..!

:       74       45

Nuwan Wednesday, 20 July 2022 07:03 PM

පිතිකරුවා හෝ ගාලා ලකුණු රැස් කරනවා. 2022 ඔස්කාර් සම්මානයට පිදුම් ලැබෙනවා. ඔහොමම යමු බලන්න ජනතාව අතරටත් පොඩ්ඩක් මහත්තයෝ...

:       48       41

dm Wednesday, 20 July 2022 07:22 PM

ඒක හොඳ දෙයක්. හැමෝගෙන්ම බැනුම් අහන්නේ හමුදාව... රාජපක්ෂලාගේ ගෙවල් බේරුවේ නෑ.. ඒ අය බැන්නෙත් හමුදාවට. අරගලේ බනින්නෙත් හමුදාවට, කවුරු හරි අගේ කරන්නත් එපායෑ...!

:       5       42

reks Wednesday, 20 July 2022 07:28 PM

මෙයා හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදේ රැකෙන්නේ හමුදා ආරක්ෂාවෙන් විතරයි කියලා...

:       43       30

ana Wednesday, 20 July 2022 07:46 PM

මං ආවට මේ කවුරුවත් හිනාවෙන්නේ නෑනේ..!

:       10       24

තුෂාර Wednesday, 20 July 2022 08:04 PM

පරිස්සමෙන්...!

:       3       27

චන්දන Thursday, 21 July 2022 08:08 AM

මෙහි තියෙන ප්‍රතිචාර අනුව අරගලය රිවස් වන බවක් පේනවා .

:       4       16

lokumalli Thursday, 21 July 2022 10:01 AM

බල්ලගෙ ඔලුව අත ගානව වගේ වැඩක ඔය, ඉස්සරහට තව හොදට බුරපන්.

:       0       0

sam Thursday, 21 July 2022 12:23 PM

රානි හැමෝවම නියමෙටම අන්දනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හැම හොරාම අන්දවලා ජනාධිපති වුණා. දැන් ත්‍රිවිධ හමුදාවයි, පොලිසියයි අන්දවනවා... නාරි සූත්තරේ පාවිච්චි කරලා හැමෝටම අරින්නයි හදන්නේ...!

:       0       0

indika Thursday, 21 July 2022 02:28 PM

ටයි එකේ පාටත් ටිකක් සාටකේ පාට වගේ...! 

:       0       0

prasanna Friday, 22 July 2022 07:57 AM

ලක් අම්මාට එක සුජාත පුතෙකු නැති හැටි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 99 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 610 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 3870 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1934 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 927 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1099 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 911 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1414 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 364 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site