IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ප‍්‍රියංජන් (136*) - ඇන්ජලෝ (112) ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය ගෙනෙති

මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති කුසලාන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අද (17) පැවැති තරගයේදී (දිවා/රාත‍්‍රි) ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 139 කින් දිනේෂ් චන්දිමාල් මෙහෙයවන ශ්‍රී ලංකා (සෙසු) පිල පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 79 කට කඩුලූ 4 ක් බිඳ වැටී තිබියදී අෂාන් ප‍්‍රියංජන් (නොදැවී 136) සහ ඇන්ජලෝ පෙරේරා (112) පස්වැනි කඩුල්ල වෙනුවෙන් 224 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.

අෂාන් ප‍්‍රියංජන් වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 99 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 136 ක් රැස් කිරීමට සමත් විය. ඇන්ජලෝ පෙරේරා පන්දු 97 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 112 ක් රැස් කළේය.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල  ඕවර 50 යේදී කඩුලූ 5 ට 325 (නිරෝෂන් දික්වැල්ල 30, ඇන්ජලෝ පෙරේරා 112, අෂාන් ප‍්‍රියංජන් නොදැවී 136, ශාමින්ද එරංග 50/2)

ශ්‍රී ලංකා (සෙසු) පිල  ඕවර 40.5 කදී සියලූ දෙනා දැවී 186 (කුසල් මෙන්ඩිස් 33, ළහිරු තිරිමාන්න 42, ඩිල්රුවන් පෙරේරා 27, මිලින්ද සිරිවර්ධන 35, ශාමින්ද එරංග නොදැවී 20, සුරංග ලක්මාල් 43/2, රමිත රඹුක්වැල්ල 43/3, උදාර ජයසුන්දර 17/2)  

 



අදහස් (0)

ප‍්‍රියංජන් (136*) - ඇන්ජලෝ (112) ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය ගෙනෙති

අමිල Saturday, 18 May 2013 10:25 AM

අපේ ජාතික පිලේ නායකයා ඉන්දියාවේ ගිහින් කාර්ඩ් කුඩු කරගන්නවා ,උපනායකයා ලංකාවේදීම කුඩුකර ගන්නවා. මේ ඔක්කොම අයින් කරලා අලුත් කොල්ලෝ ටිකක් ටීම් එකට දැම්මා නම් හරි (නි)

:       0       0

චාමි Saturday, 18 May 2013 04:26 PM

චන්දිමාල් ලංකාවට ක්‍රිකට් අතින් සම්පතක්. (නි)

:       0       0

චානක Saturday, 18 May 2013 07:58 AM

චන්දිමාල්ට දැන්වත් තේරෙන්න ඕනෑ ටෙස්ට් තර වලට විතරයි එය හරියන්නේ කියලා. යාර 30 ට උඩින් පාරක් ගහන්න බැහැනේ බැට් කරනකොට, බැට් එක කැරකෙනවා (නි)

:       0       0

කිත්සිරි Saturday, 18 May 2013 08:08 AM

කුසල් ,ලහිරු දෙන්නම වේල්ස් කුමාර කොල්ලෝ,ජය වේවා! ඔහොම යමු (නි)

:       0       0

තලල්ලේ Saturday, 18 May 2013 08:37 AM

ඇන්ජලෝ පෙරේරා කියන්නේ ලංකාවට ඉන්න වේගවත් පිතිකරුවෙක් .කාලෙක ඉඳන් ටීම් එකට එන්න හදන කෙනෙක්. චන්දිමාල් වරදක් නැහැ, එයා හොද නායකයෙක්. එය කලින් මැච් එකේ ලකුණු ගැහුවා. ඒත් එයා කලබල වැඩියි. එයාට ආරම්භක පිතිකරු වගේ තැනකනම් බයක් නැතුව ලකුණු ගහන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site