(යොහාන් භාසුර)
ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගෙන් අද (21) පැය 5 ක ප්‍රකාශයක් සටහන් කරගත් බවත් ප්‍රකාශය වැඩිදුර ගැනීමට ලබන සඳුදා (27) වික්‍රමසිංහ මහතා නැවත කැඳවන බවත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ උස්ස නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය.
වික්‍රමසිංහ මහතාගෙන් එම පැය 5 තුළ ප්‍රකාශයෙන් හතරෙන් එකක් පමණ සටහන්කරගත් බව කී එම නිලධාරියා ඒ මහතාට මහන්සි යැයි පැවසීම හේතුවෙන් පස්වරු 4.15 ට පමණ ප්‍රකාශය සටහන් කරගැනීම අත්හිටුවූ බව ද සඳහන් කළේය.
ඒ අනුව හෙට පෙවරුවේ නැවත පැමිණෙන ලෙස ඔහුට දැන්නුව ද පැමිණිය නොහැකි යැයි පැවසූ බවත් අද දිනයේදී ඔහු පැවසූ කරුණු පමණක් සටහන්කරගත් බවත් එම නිලධාරියා කීය.
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට අද පෙරවරු 11.15 ට පමණ පැමිණියේය.
ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ මහතාගේ අධීක්‍ෂණයෙන් එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුපුල් විතානගේ මහතා එම ප්‍රකාශය ගැනීම මෙහෙයවීය
2025 දෙසැම්බර් මස 18
16
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රමෝද්‍ය සඳුදා නැවත කැඳවයි
vihanga Wednesday, 22 November 2023 08:54 AM
අහන්න දෙයක් නැහැ දකුණ කිව්වොත් හොරුම තමයි