ප්‍රීමා හා සෙරන්ඩිබ් සමාගම් තිරිගු පිටි කිලෝවක් වෙළෙදපොළේ රුපියල් 89කට අලෙවි කළ ද එහි උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බව පාරිභෝගික සේවා අධිකරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියයි.
ප්‍රීමා හා සෙරන්ඩිබ් ආයතනවල පිටි මිල වැඩි කළ බව දැනගන්නට ලැබුණු බවත්, ඔවුන් පිටි අලෙවි කරන මිල ගණන් විමසා ලිපි යැවූ බවත් පාරිභෝගික සේවා අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි.
සමාගම් ප්‍රකාශකයන් කියනුයේ පසුගිය අයවැයෙන් පැනවූ ජාතිය ගොඩ නැගීමේ බද්ද නිසා මේ පියවර ගත් බවයි. රුපියල් 89ක් දක්වා මිල වැඩි කිරීමට හැකියාව ඇතැයි ද ඔවුහු කියති.
නමුත් පාරිභෝගික සේවා අධිකාරිය කියනුයේ 2015 මාර්තු 19 දිනැති 1906/47 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව තිරිගුපිටි කිලෝවක උපරිම මිල රුපියල් 87ක් විය යුතු බවයි.
පාරිභෝගික සේවා අධිකාරියේ අවසරයකින් තොරව රුපියල් 87ට වඩා වැඩි මිලට තිරිගු පිටි අලෙවි කළ නොහැකි බවත්, ඊට වැඩියෙන් අලෙවි කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් එම අධිකාරිය කියයි.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරිභෝගික අධිකාරියයි පිටි කම්හලුයි පැටලේ
ජගත් Friday, 08 January 2016 06:43 PM
පාරිභෝගික සේවා අධිකාරියට බලතල තිබේද මේ මහාපරිමාණ සමාගම් හට එරෙහිව පියවර ගන්නට..? පෙනෙන හැටියට නම් මේ කෙඳිරි ගාන්නේ මේවාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාණවත් බලතල පාරිභෝගික සේවා අධිකාරියට නැතිබව කීමට නොවේද? තවමත් පසුගිය (2015)වසරේ පාලන මිලක් ගැසට් කළ සාමාන්‍ය තේ 10/= කිරි තේ 25/= මිලටවත් දෙන්නේ නැහැ, බහුතර සාමාන්‍ය හෝටල්, ආපන ශාලාකරුවන්...! මහජනතාවද මේ පිළිබඳ එතරම් දැනුවත් නැහැ. (නි)