IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹේ

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)

රික්ටර් පරිමාණයේ ඒකක 6.8 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹී ගියේය.

භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි රටවල් වන ඉන්දියාවට සහ ඇෆ්ගනිස්තානයට හොඳින් දැණුනි.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කළ අන්දමට භූම්කම්පාවෙන් දෙදෙනකු මියගොස් 150 දෙනෙක් තුවාල ලැබූහ. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය පිහිටා ඇත්තේ, ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකරයේ කිලෝ මීටර් 180 ක් ගැඹුරින් යැයි භූ විද්‍යාඥයෝ පවසති.

ඉස්ලාමාබාද්, ලාහෝර්, කොහාට් සහ ජිල්ගිට් බලුකිස්තාන පළාත්වලත් භූමි කම්පාවේ බලපෑමට හසුවුණු බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නිවාස සහ ගොඩනැගිලි රැසක් බිමට සමතලා හෝ ඉරි තලා ගොස් ඇතැයි ද පැවැසෙයි. මරණ වාර්තා වන්නේ කයිබර් පක්ටුන්ක්වා පළාතෙනි. මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ, ඉන්දියාවට, ඇෆ්ගනිස්තානයට පමණක් නොව, මධ්‍යම ආසියානු රටවල් වන කිරිගිස්තානයට, උස්බෙකිස්තානයට, ටජිකිස්තානයට, කසක්ස්තානයට, ටර්ක්මෙනිස්තානයට සහ චීනයට ද භූමි කම්පාවේ ප්‍රබලත්වය දැණුනු බවය.

පාකිස්තානය සහ ඒ අවට රටවල් ඇත්තේ භූ තැටි මායිමකට ඉහළින් බැවින් භූමි කම්පා හට ගැනීම සාමාන්‍යයෙන් සිදුවෙයි. මෙම වසරේ ජනවාරියේ පවා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර භූමි කම්පාවකින් කැලැඹී ගියේය.

අවසන් වරට මහා භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹී ගියේ 2005 වසරේදීය. එම භූමි කම්පාවෙන් මියගිය ගණන 74,000 පසු කර තිබුණි.

 



අදහස් (1)

ප්‍රබල භූමි කම්පාවකින් පාකිස්තානය කැලැඹේ

Helaya Wednesday, 22 March 2023 08:27 AM

අල්ලාහ් දෙවියෝ හොඳටම කරනවා වගෙයි .මොකද හැම දේම සිදු වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site