IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පරිපූරක වෛද්‍ය සේවා හෙට වර්ජනයක

(නිමල කොඩිතුවක්කු)

උසස්වීම්, බඳවා ගැනීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය හෙට(5)උදෑසන 8.00 සිට එක්දින වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණයකර තිබේ.

පරිපූරක වෛද්‍ය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටළු විසඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සාධනීය මැදිහත්මක් නොවීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළැබෙන බව එහි ලේකම් චානක ධර්මවික්‍රම මහතාපැවසීය.-

රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, වෘත්තීය චිකිත්සක ඇතුලු වෘත්තීය සංගම් පහක නියෝජිතයින් මේ සඳහා එක්වන බවත් ඔහු සඳහන් කළේය.

ඒ අනුව රසායනාගාර සේවා, ඖෂධ නිකුත් කිරීම, සායන කටයුතු ඇතුලු සියලු සේවා සඳහා එමගින් බලපෑම් එල්ල විය හැකි බවත් ධර්මවික්‍රම මහතා කීවේය.

 



අදහස් (1)

පරිපූරක වෛද්‍ය සේවා හෙට වර්ජනයක

රුවන් Thursday, 05 June 2025 12:11 PM

කොහොමද රජය කිව්වොත් වර්ජනය කරන අයගේ උපාධි සහතිකය අවලංගු කරනවා කියලා. මොකද රටේ ජනතාවගේ බදු මුදල්වලින් ඉගෙන ගත්ත අය ජනතාවට ණයයි. ඒ අයට අයිතියක් නෑ ජනතාව පීඩා කරන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 179 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site