(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් වලට සම්බන්ධ යැයි කියන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් සිව්දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (02) නියෝගයක් නිකුත් කළාය.
බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට ඇති හෙයින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධානීන් රටින් පිටවිය හැකි බැවින් ඔවුන්ට රටින් පිටවයෑම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙලෙස රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලද්දේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන, එහි ප්‍රධාන ගැනුම්කරු නුවන් සල්ගාදු සහ එහි ප්‍රධාන තාක්ෂණ විධායක නිලධාරී සචින් දේවතන්ත්‍රී යන සිව්දෙනාටය.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පර්පචුවෙල් හතර දෙනකුට රට ගමන් තහනම්
bandula Monday, 02 October 2017 01:44 PM
විහිළු කතා. කොමිසමකින් දඬුවම් දෙන්න බැරිලු .1972 සිරිමා රජය අපරාද යුක්ති කොමිසම මගින් විජේවීර ඇතුළු විත්තිකරුවන් ජීවිත කාලයටම හිරේ යැව්වෙ කොමිසමකින් නොවේද ?
sathyapala Tuesday, 03 October 2017 04:24 AM
වැඩක් නෑ. පනින්නේ මේ හතරදෙනා නොව .අර්ජුන මහේද්‍රන්. එයා ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවෙයි නිසා එයා පනින එක නවත්වන්න කාටවත් බෑ. මිනිහා පැන්නාට පස්සේ මිනිහා තමයි වැරදිකාරයා කියලා ඔප්පු කරනවා. ඉන්පසු ඔක්කොම නිදහස්. ඔය සැලසුම මත තමයි මෙයාව පත්කරේම.
RaveendraTuesday, 03 October 2017 06:23 AM
sathyapala මයා වෙත ඔබගේ අදහසට අප ගරු කරන්නෙමු. ඔබගේ අදහසට සමගාමිව අපහට මෙවැනි ප්‍රශ්‍න කීපයක් පැන නැගෙන අතර කිසියම් කෙනෙකු මෙය පිලිබදව විස්තර දන්නේනම් අප සියල්ලන් සමග බෙදා හදා ගැනීම යෝග්‍යවේ. 1. කිසියම් ලාංකිකයකුට වෙනත් රටකදී මෙවැනි අතිවිශාල හොරකමක් කර නැවත ලංකාවට පැමිණ එම සාපරාදී ක්‍රියාවෙන් බේරීමට හැකිද ??? 2. අප දන්නා තරමින් ( සමහරවිට අප වැරදි ඇති ) සිංගප්පුරුවේ නීති ඉතාම තදබල බැවින් සහ එම රටට අපකිර්තිය සිදුවීමෙන් මේ උන්දැට එය අදාල නොවේද ???
sathyapala Tuesday, 03 October 2017 10:18 AM
"................රටේ සොරකම් කරන්නට මුදල් ඇති එකම තැන යහපාලන රජයේ සියලු දෙනාම වෙනුවෙන් මුදල් සොරකම් කරන්නේ අර්ජුන බැවින් කිසිසේත් ඔහු එම තනතුරින් ඉවත් නොකරයි. මේ රජය කඩා වැටෙන මොහොතක අර්ජුනගේ තාවකාලික ශ්‍රී ලාංකික පුරවැසි භාවය අවලංගු කර ඔහුව මේ රටින් පලා යන්නට සැලැස්වූ පසු ඔහු මේ රටේ පුරවැසියෙකු නොවන බැවින් ඔහුට කිසිදි නීතිමය පියවරක් ගත නොහැක. මොහු "යහපාලන සමුහ ව්‍යාපාරයේ" බළල් අතයි."
ruchira Tuesday, 03 October 2017 04:51 AM
මේ ප්ලෑන් ක්‍රියාත්මක කරපු අය විතරනේ. ප්ලෑන් හදපු මාස්ටර් මයින්ඩ් සෙට් එකේ තාම කෙස් ගහක්වත් හෙල්ලුනේ නැනේ.
Hafeel Tuesday, 03 October 2017 06:39 AM
දැනටමත් පැනලද දන්නේ නැහැ.