IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පර්පෙචුවල් ලිපි ගොනු දෙක වහාම ඉල්ලයි


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) 
 
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කළ යුතු වැඩ කොටස් මොනවාදැයි විස්තර කොට දැනුම් දීම සඳහා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම පවත්වාගෙන ගියැයි කියන ලිපි ගොනු දෙක වහාම කොමිසමට ඉදිරිපත් කරන ලෙස බැඳුම්කර කොමිසම පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට අද (11) නියම කළේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියා වන ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් යන මහත්වරුන්ට කොමිසම විසින් නොතිසි නිකුත් කළේය.

එමෙන්ම ලිපි ගොනු දෙක සම්බන්ධයෙන් වු කරුණු දිවුරුම් ප‍්‍රකාශයක් මඟින් කොමිසමට දැනුම් දෙන ලෙස පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්‍ෂක අර්ජුන් ඇලෝසියස් මහතාගේ පෞද්ගලික සහකාර ස්ටීව් සැමුවෙල් මහතාට කොමිසම වැඩිදුරටත් නියම කළේය.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති) ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.



අදහස් (1)

පර්පෙචුවල් ලිපි ගොනු දෙක වහාම ඉල්ලයි

Don Wednesday, 11 October 2017 08:26 PM

අප්පට සිරි.. මෙච්චර කල් ගිහිල්ලත් තාම ඔය කොම්පැනියෙන් ලිපි ගොනු ඉල්ලනවද ? සාමාන්‍යයෙන් ලෝකේ වෙන රටවල් වල මේ වගේ ප්‍රශ්නයක් වුණ වෙලාවට කරන්නේ උසාවි නියෝගයක් අරගෙන හැකි ඉක්මනින් එම ආයතනයට ඇතුළු වී සියලු ලිපිගොනු අදාළ අංශය බාරයට ගන්න එකයි. එහෙම කරන්නේ වංචාවක් වෙලා තියෙනවා නම් සාක්කි වලට අවශ්‍ය ලිපිගොනු විනාශ වෙන එක වලක්වාගන්නයි. ඒකට අපේ ලංකාවේ තාම ලිපිගොනු ඉල්ලන්නේ අදාළ ආයතනයෙන්.. දෙයි මේන් කියල...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1561 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site