IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොරොන්දුවක් කැඩී බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමති අස්වේ

අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් මුහුණ දී සිටින අර්බුදය තවත් උග්‍ර කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

නව ස්වදේශ කටයුතු අමාත්‍ය වරයා ලෙස ග්‍රාන්ට් ශැප්ස් නව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කිරීමට අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් කටයුතු කළාය.

සංක්‍රමණ ප්‍රතිපත්තිය පිළිබඳ ඇයගේ පුද්ගලික විද්‍යුත් තැපෑල මගින් පණිවිඩයක් යැවීමෙන් ප්‍රොටොකෝල කඩ කළ බව පිළිගනිමින් සුඑල්ලා බ්‍රේවර්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය.

ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් ඇය වත්මන් බ්‍රිතාන්‍ය රජය පොරොන්දු කඩකර ඇති බවත් මිනිසුන් අතින් අත් වැරද්දක් සිදු වූ විට කළයුතු සුදුසුම දේ ඉල්ලා අස්වීම බවත් ඇය පැවසුවාය.

පසුගිය දා අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් තමන් අතින් අත් වැරද්දක් සිදු වූ බව පිළිගත්තාය.

ඒ අනුව දින 5 ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය සිය ධුරයන්ගෙන් ඉල්ලා අස් වී ඇත.එසේම බ්‍රිතාන්‍යයේ ඉහළ යන ආහාර ද්‍රව්‍ය මිල හේතුවෙන් වසර හතළිහකට පසු වාර්තා වූ ඉහලම උද්ධමනය වූ 10.1 සැප්තැම්බර් මස වාර්තා විය.



අදහස් (2)

පොරොන්දුවක් කැඩී බ්‍රිතාන්‍ය ස්වදේශ ඇමති අස්වේ

sharm warn Thursday, 20 October 2022 08:50 AM

ඒ තමයි එංගලන්තේ ප්‍රජාතන්ත්‍රවාදය. ලංකාවේ ඉන්නේ දේශපාලුවෝ නේ.

:       0       7

ගමේ එකාලා Thursday, 20 October 2022 01:16 PM

ඒකටත් එක්ක අපේ රටේ.පවුලේ උන් ඔක්කොම දේසපාලනේට දාගෙන, පුලුවන් තරම් හොරකම් වන්චා දූෂණ කර කර කූඩැල්ලෝ වගේ සදහටම බලයේ එල්ලිලා ඉන්ඩයි හදන්නේ ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site