IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ප්‍රධාන අපරාධ සිද්ධීන් 6 ක වාර්තා නීතිපතිවරයා වෙත

(ඉන්දිකා රාමනායක)

ඝාතන සිද්ධීන් ඇතුලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ප‍්‍රධාන විමර්ශන හයක විමර්ශන වාර්තා වල ප‍්‍රගතිය දැක්වෙන උධෘත වාර්තා , වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අද (22)  නීතිපතිවරයා වෙත යොමුකළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඩීන් ඝාතනය, මාධ්‍යවේදී කීර්ත් නොයාර් මහතා  පැහැරගෙන යාම, මුතුර් හී සහන සේවයේ යෙදුණු  පුද්ගලයින් 17 දෙනෙක්  ඝාතන කිරීම,  තරුණයින් 11 දෙනෙක් පැහැගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන සිද්ධීන් හයට අදාල පරීක්ෂණවල  උදෘත වාර්තා මෙලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින්  නීතිපතිවරයා වෙත බාරදී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා  කියා සිටියේය.

මෙම සියලු උධෘත කරුණු 11 ක් ඔස්සේ වෙන් වෙන් වශයෙන් සකස්කර ඇති බවද හෙතෙම කීය.

පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, වසීම් තාජුඞීන් ඝාතනය, මාධ්‍යවේදී කීර්ත් නොයාර් මහතා  පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු  පුද්ගලයින් 17 දෙනෙක්  ඝාතන කිරීම,  තරුණයින් 11 දෙනෙක් පැහැගෙන ගොස් අතුරුදන් කිරීම සිද්ධීන් පහ සම්බන්ධයෙන් සිදුකරණ විමර්ශන වල ප‍්‍රගතිය ඇතුළත් උධෘත ප‍්‍රමාදයකින් තොරව අවසන්කර එම විමර්ශන උධෘත තමන් වෙත යොමු කරන ලෙසට නීතිපතිවරයා ඉකුත් (15) වැනි දින වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණි.

එම විමර්ශන පහට අමතරව දැනට විමර්ශනය  කරන මාධ්‍යවේදී එක්නැගිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුන් කිරීමේ සිද්ධියට අදාල විමර්ශනයේ  උධෘතද  කරුණු 11 ක් ඔස්සේ එක් එක් සිද්ධියට  අදාලව ගොනු සකස්කර  වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  බාර ගනු ලැබුවේ   සිද්ධීන් සිදුව වසර කිහිපයකින් බවත් , ඇතැම් විමර්ශන වල උධෘත මීට පෙර වරින් වර  නීතිපතිවරයා වෙත යොමුකර  උපදෙස් ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවද හෙතෙම කීය.

වසීම් තාජුඞීන් ඝාතනය, මාධ්‍යවේදී කීර්ත් නොයාර් මහතා  පැහැරගෙන යාම, සහන සේවයේ යෙදුණු  පුද්ගලයින් 17 දෙනෙක්  ඝාතන කිරීම,  තරුණයින් 11 දෙනෙක් පැහැගෙන ගොස් අතුරුදන් වීමේ සිද්ධීන් වලට අදාලව  උධෘත මීට පෙර  නීතිපතිවරයා වෙත යොමුකර ලැබුණ උපදෙස් අනුව පරීක්ෂණ සිදුකර කරන බවත්, සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ඝාතන සිද්ධියේ  උදෘත මෙතෙක් නීතිපතිවරයා වෙත යොමුකර නොමැති බවද හෙතෙම කීය.

මෙම විමර්ශන සියල්ල අවසන් කිරීමට නිෂ්චිත දිනයක්  හෝ කාලයක් පැවසිය නොහැකි බවත්  කීර්ති නොයාර්  මහතා පැහැර  ගෙන යාමේ සිද්ධියේ විමර්ශන පමණක් තවත් මාස දෙකක පමණ කාලයකින් අවසන් කර හැකි බවද  රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (1)

ප්‍රධාන අපරාධ සිද්ධීන් 6 ක වාර්තා නීතිපතිවරයා වෙත

Prabha Thursday, 22 August 2019 01:17 PM

සිරිසේන මහත්තයා ඒ සැරේ නයාට ඇඳලා වගේ. අපේක්ෂකකම දෙනකල්ම වටේට දෂ්ඨ කරනවා වගේ..

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 25 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 19 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 732 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site