හොරොව්පොතාන ප‍්‍රාදේශීය ලේකම් ලෙස වංචනිකව පෙනී සිටිමින් දිවි නැගුම නිලධාරින් බඳවා ගන්නා බව පවසමින් තරුණියන්ට ව්‍යාජ සම්මුඛ පරික්ෂණයක් පැවැත්වූ බවට කැබිතිගොල්ලෑව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු මේ මස 29 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු කපිල දුෂාන්ත එපිටවෙල මහතා නියෝග කළේය.
එදින සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ඒ.කේ.බංඩාර මහතාට තවදුරටත් නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන මෙහෙයවා එම විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක කේ. බී .තිලකරන්න මහතාට තවදුරටත් නියෝග කෙරිණ.
අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර.5 ඇල, ගල්වඩුවාගම ලිපිනයේ ආර්.එමි.නුවන් චාමර එසේ රිමාන්ඩ් කෙරුණු අතර හොරොව්පොතාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට අලූතින් පත්ව ඒමට සිටින නව ප‍්‍රාදේශීය ලේකම්වරයා තමා බව පවසමින් මොහු මෙම වංචනික ක්‍රියාවේ නිරතවී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්රාදේශීය ලේකම් චරිතය රඟපෑ තරුණයා රිමාන්ඩ්
රොකි Thursday, 17 December 2015 01:34 PM
අනාගත ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක් වෙන්න සුදුසුකම් ලබා ගන්න උත්සාහ කරනවා වෙන්න ඇති! (අ)
සුමිත්‍රා Thursday, 17 December 2015 01:52 PM
ඒ ඉලන්දරියගේ මොලේ හොද නැතුව වෙන්න ඇති. (අ)
තිළිණ Thursday, 17 December 2015 07:04 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
තරංග Thursday, 17 December 2015 07:06 PM
අම්මෝ! මෙහෙමත් වංචාකාරයෝ ඉන්නවද? (නි)