IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පේරාදෙණි සිසුහු හිමාලය තරණය කරති

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ  ගවේෂකයන්ගේ සංගමයේ සාමාඡිකයෝ හය දෙනෙකු හිමාල ගවේෂනය සාර්ථකව නිම කර පසුගියදා මෙරටට පැමින ඇත.

විශ්ව විද්‍යාල ගවේෂකයන් 6 දෙනා ගෝලීය උණුසුමට එරෙහි වෙමු යන තේමාව රැගෙන හිමාල ගවේෂනය යෙදුනු අතර පේරාදෙණි විශ්ව විද්‍යාලීය ගවේෂකයින්ගේ සංගමය 8 වන වරටත් සංවිධානය කළ මෙම හිමාල ගවේෂනය සදහා ඉංඡිනේරැ පිඨයේ එස්.එම්.අබේනායක,සි.ඩි.මැදවල,එල්.ඒ.උදයංග,එච්.ඩි.තාරක,වෛද්‍ය පිඨයේ සෝනම් යෝසර්,කෘෂි විද්‍යා පීඨයේ ඒ.එස්.තෙන්නකෝන් යන සිසුහු සහභාගි වූහ.

හිමාලයේ මිටර 5600 ක උසින් වු කල්පතාර් කදු මුදුනට ලගා වු බවද ගවේෂක පිරිස කියති.

HIMALA-THARANAYA-1 HIMALA-THARANAYA-2 HIMALA-THARANAYA-3 HIMALA-THARANAYA-4



අදහස් (0)

පේරාදෙණි සිසුහු හිමාලය තරණය කරති

පෙරේරා Friday, 22 January 2016 07:57 AM

ලංකාවේ වෙරළක සිට රැල්ල පාගපු පමණින් ඉන්දීය සාගරය තරණය කළා කියා කිවහැකිද? (නි)

:       0       0

පීරිස් Sunday, 24 January 2016 04:35 AM

හැම දෙයක්ම අවතක්සේරු කිරීම සිංහලයාගේ පුරුද්දක්. අපහාස බැලීම අපේ උන්නතියට පහරක්. සුනිල් , අබරන් ඔයාල මෝඩ ගණයට වැටීම ගැන දුක්ක්වෙනවා. බලන් කඩතුරා හැර දෑසේ. මේ ළමයින් කර ඇති ගමනට සුබ පතන්න කට කහනවට. (බ)

:       0       0

අබේරත්න Sunday, 24 January 2016 04:41 AM

කෙසේ වෙතත් මේ දරුවෝ දිරිය දරුවන් . අපි ලාංකිකයෝ හැටියට මෙතෙක් දුර හෝ ආ ඒ ගමනට සුබ පතමු. කිසියම් දවසක එවරස්ට් කන්ද තරණය කිරීමේ ආරම්භයක් හැටියට දිරිමත් කරමු. (බ)

:       0       0

විජිත් Monday, 25 January 2016 01:32 AM

හිමාලය කන්ද ඇතුළු ඒ මුළු ප්‍රදේශයේම සිතියම් ගතකිරීම සඳහා , මිනුම් කටයුතු සිදුකළ, වේල්සයේ උපතලද,බ්‍රිතාන්‍යය ජාතික ශ්‍රීමත්. ජෝර්ජ් එවරස්ට් හට උපහාරයක් ලෙස එතුමාගේ නමින් නම්කළ, හිමාලය කඳුවැටියේ " උසම ගිර " හෙවත් එවරස්ට් ගිර මුහුදුමට්ටමේ සිට මීටර් 8,848 හෙවත් අඩි 29,029 උසින් පිහිටා ඇති ලොව උසම කඳු මුදුනයි.(බ)

:       0       0

සහන් Monday, 01 February 2016 06:16 AM

කන්දට තව දුර බව පොටෝ වලිනුත් පේනවා (හේ)

:       0       0

සුනිල් Friday, 22 January 2016 06:22 AM

තරණය නම් හොඳ දෙයක්.නැගල තියෙන්නේ එවරස්ට් මුදුනට නොවේ. වෙන තැනක්!!! (ම)

:       0       0

අබරන් Friday, 22 January 2016 06:43 AM

මේ කඳු මුදුනට කියන්නේ "කාලා පත්තර්"කියලා .එහි තේරුම කළු ගල යනුවෙනි.මෙතැනින් එවරස්ට් මුදුනට තව මීටර් තුන් දහස් දෙසීයක් පමණ යාමට තියෙනවා. එක ලෙහෙසි පහසු කාරියක් නොවෙයි.ලංකාවේ කිසි කෙනෙක් තාම එවරස්ට් මුදුන තරණය කරලා නැහැ .(ම)

:       0       0

විජිත් Saturday, 23 January 2016 12:37 AM

අද මීටර් 5600 උස තරණය කළ අපේ දරුවන්, හෙට නැත්නම් අනාගතයේ කිසියම් දවසක මීටර් 8,848 උස "එවරස්ට්" ගිර තරණය කරනු දැකීම මගේ ප්‍රාර්ථනයයි. (නි)

:       0       0

අමාලි Sunday, 24 January 2016 12:41 PM

මාගේ සුබ පැතුම්.! (ර)

:       0       0

දිනේෂ් Sunday, 24 January 2016 12:47 PM

"එවෙරෙස්ට්" ෆිල්ම් එක බලන්න එතකොට එවෙරෙස්ට් කන්ද තරණය කරන්න පුලුවන්ද බැරිද කියාතේරුම් ගත හැකි වේවි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site