
(රන්ජන් කටුගම්පොළ)
පේරාදෙණීය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දක්ෂතම ශිෂ්‍යයාට පිරිනැමෙන ඊ්. ඕ්.ඊ පෙරේරා රන් කුසලානය 2015 වසර සඳහා අබේසේකර මහතාට පිරිනැමීමට ගත් තීරණය අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම රන් කුසලානය පිරි නැමීම සඳහා විනිවිදභාවයෙන් යුත් ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට අස නියෝග කළේය.
මෙවැනි ක‍්‍රියාවලියකදී පරිපාලන ආයතනයක් විනිවිදභාවයෙන් යුතු සියල්ලටම සමාන ලෙස සැලකීමේ ක‍්‍රියා පිළිවෙතක් අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු වුවත් ප‍්‍රශ්ණගත රන් කුසලානය පිරිනැමීමට තෝරා ගැනීම සඳහා විනිවිදභාවයෙන් යුතු ක‍්‍රමවේදයක් හෝ ලකුණු ලබාදීමේ නිසි පටිපාටියක් අනුගමනය කර නොමැති බැවින් ඇයදුම්කරුවන්ට සමාන ලෙස සැලකීම සහ නීතියේ ආරක්ෂාව ලැබීමේ අයිතිවාසිකම් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිණියක වන පෙත්සම්කාර කල්පනා මානවඩු මහත්මියට ලැබී නොමැති බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය එසේ නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා” මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාග කෙරිණී.
මොරටුව ප‍්‍රදේශයේ පදිංචි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිණියක වන කල්පනා මානවඩු මහත්මිය ගොනුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ එහි සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පේරාදෙණි සරසවියේ රන් කුසලානයක් අධිකරණයෙන් නවතයි
unibro Wednesday, 22 October 2025 08:54 AM
ඉතා හොඳයි. සෑම තැනකින්ම සාධාරණවත්වය ලබා ගැනීම වෙනුවෙන් තවදුරටත් මිනිසුන් නිහඬව සිටීමට සූදානම් නැහැ.
Bunny Preena Wednesday, 22 October 2025 09:09 AM
ඉගෙන ගත්තු කෙනෙකුට සාමාන්‍යයෙන් සමාජයේ ඉහල පිළිගැනීමක් තියෙනවා. නමුත් ඒහෙම පුද්ගලයින් මෙහෙම කරනවා නම් අනිත මිනිසුන් ගැන මොන කතාද?
පිටිගල මිලානෝ Wednesday, 22 October 2025 09:34 AM
පොත්ත රතු නම් ක්ලාස් පාස් ලැබේ…
Mahesh Wednesday, 22 October 2025 10:52 AM
රන් කුසලාන වලින් පීඨාධිපති , උප කුලපති හොදට හම්බ කරගන්න ඇති .එකයි රණින්ම දෙන්නේ .