(ෂේන් සෙනෙවිරත්න )
පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 64 දෙනෙකු කොරෝනා අසාදිත වීමෙන් විශ්ව විද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
විශ්ව විද්‍යාලය 100% ක් විවෘත කිරීම අපහසු බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ක්‍රමවේදයන් අනුගමනය කරමින් උපරිම සිසුන් සංඛ්‍යාව විශ්වවිද්‍යාලය තුළ රඳවා ගනිමින් අවශ්‍ය අධ්‍යයන කටයුතු වල යොදවන බවද නියෝජ්‍ය උපකුලපතිවරයා සඳහන් කළේය.
නියෝජ්‍ය උපකුලපතිවරයා මෙසේද සඳහන් කළේය.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සිසුන් දැනට මාස 03– 04 ක් තිස්සේ සාමාන්‍ය ආකාරයෙන් අධ්‍යන කටයුතුවල නිරත වෙනවා. සමහර සිසුන් කණ්ඩායම් මාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතුවල යෙදෙනවා
කැඳවිය යුතුඅනෙක් සෑම කණ්ඩායමක්ම අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලයට කැඳවා තිබෙනවා .මේ වන විට සිසුන් 4,400 කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකාගාර වල රැඳෙමින් අධ්‍යයන කටයුතු වල නිරත වනවා . ප්‍රායෝගික පුහුණුවීම් හා විභාග කටයුතු සඳහා අවශ්‍ය සිසුන් කැඳවනවා .වෛද්‍ය පීඨයේ, දන්ත වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේසිසුන් ඔවුන්ට අවශ්‍යසායනික පුහුණුවීම් කටයුතු වල ද යෙදෙනවා .
රෝගය සිසුන් අතරසම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා අපගේ වෛද්‍ය පීඨයේ සුද්‍රජීවී විද්‍යා පිළිබඳ විශේෂඥයන් එකතුව කමිටුවක් සකසා තිබෙනවා . ඒ අය අපට අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබා දෙනවා . ක්‍රීඩා පිටි, ක්‍රීඩාගාර, පිහිනුම් තටාක, පවා එම කමිටුවේ මාර්ගෝපදේශයන්ට අනුව විවෘත කර තිබෙනවා .
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
856
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පේරාදෙණිය සරසවියේ සිසුන් 64කට කොරෝනා