IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පේරාදෙණිය වෛද්‍ය ප්‍රදර්ශනය අගෝස්තුවේ

පේරාදෙණිය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය වසර 12 කට පසු මෙම වසරේ අගෝස්තු මසයේදී ‘පේමෙක්ස් 2015‘ වෛද්‍ය විද්‍යාවේ නොකී කතාව නමින් වෛද්‍ය ප්‍රදර්ශනයක් පැවැත්විමට කටයුතු යොදා ඇති බව වෛද්‍ය පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සම්පත් තෙන්නකොන් මහතා පවසයි.

පාසල් සිසු සිසුවියන්, වැඩිහිටියන් ඇතුළු සියලුම ඡනතාව වෛද්‍ය විද්‍යාවේ නව දැක්මක් සහිතව දැනුම්වත් කිරිමක් තුළින් වඩාත් සෞඛ්‍ය සම්පන්න කරලීම ප්‍රදර්ශනයේ අරමුණ බව ද ඒ මහතා පැවසීය.

1965 වසරේදී ඇරැඹි වෛද්‍ය ප්‍රදර්ශනය අවසන් වරට පැවැත්වුණේ 2003 වර්ෂයේදීය. එවර හත්වැනි වරට පැවැති ප්‍රදර්ශනය නැරඹීම සඳහා දිනකට 150000 පමණ ජනතාවක් පැමිණි බවත් 2015 මෙවර වෛද්‍ය ප්‍රදර්ශනය ජනතාවට නව අත්දැකිමක් වන බවද පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වෛද්‍ය ඉඳුවර ගුණරත්න මහතා කීවේය.

ජෛව රසායනික විද්‍යා අංශයේ මහාචාර්ය ශ්‍රියානි රණසිංහ මහත්මිය පැවසුවේ මෙම වෛද්‍ය ප්‍රදර්ශනය තුළින් මිනිසාගේ උපතේ සිට මෘත ශරීරය දක්වා විශේෂ කුටි වල සජීවි ක්‍රියාකාරකම් ඇතුළුව නවින වෛද්‍ය ක්‍රමයන් හා නව සොයා ගැනිම්ද ප්‍රදර්ශනය කෙරෙන බවයි.

වෛද්‍ය ප්‍රදර්ශනය 2015 අගෝස්තු 24 දින සිට 31 දින දක්වා උදැසන පෙරවරු 9 සිට පස්වරු 8 දක්වා පැවැත්වෙන බවද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සංවිධායකයෝ පැවසූහ. වෛද්‍ය ප්‍රදර්ශනයට අදාල වෙබ් අඩවිය pemex2015.com නමින්ද ෆේස් බුක් පිටුව www.facebook.com/pemex2015 එළි දැක්විණි.

CIMG3890 CIMG3895 CIMG3902

 

 



අදහස් (0)

පේරාදෙණිය වෛද්‍ය ප්‍රදර්ශනය අගෝස්තුවේ

දුමින්ද Thursday, 14 May 2015 04:01 AM

අතීතයෙන් හෙට දවසට (ම)

:       0       0

සරත් Thursday, 14 May 2015 04:14 AM

සුබ පැතුම්..ඉතාමත් වටිනා ප්‍රදර්ශනයක්.(බ)

:       0       0

සෙනරත් Thursday, 14 May 2015 04:36 AM

අපේ විශ්වවිද්‍යාලය ලොවට පෙන්වා දීමට විශේෂ වැඩසටහනක් ලෙස මෙය දැක්විය හැකිය.(ම)

:       0       0

හිමාෂි Thursday, 14 May 2015 07:41 AM

අපි පුංචි දවස්වල ඔය ප්‍රදර්ශනය බලන්න යනවා තාමත් මතකයි. විශිෂ්ට උත්සහයක්. සුබ පැතුම්. (ම)

:       0       0

මයුර Wednesday, 13 May 2015 06:12 PM

අපිත් එනවා බලන්න (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 13 May 2015 10:46 PM

මම පාසල් ගිය කාලේ ඔය ප්‍රදර්ශනය බලා තිබෙනවා.මෙය බොහොම වැදගත් ක්‍රියාවක්. මෙය හැමෝම බැලිය යුතු දෙයක් (නි)

:       0       0

සම්පත් Thursday, 14 May 2015 02:18 AM

මට විශ්ව විද්‍යාලයට යන්න හැඟීමක් ඇතිවුණේ ඔය ප්‍රදර්ශනය බලන්න ගිය වෙලාවේත මේක ඉතා වැදගත් සහ ප්‍රයෝජනවත් ප්‍රදර්ශනයක්. උසස් පෙළ සිසුන් අනිවාර්යයෙන් සහභාගි කරවන්න

:       0       0

හරේන් Thursday, 14 May 2015 04:39 PM

2003 අවුරුද්දේ අපිත් ආව බලන්න. ඒ කාලේ පාසල් ශිෂ්‍යයෝ විදිහට වෛද්‍ය ප්‍රදර්ශනය අපිට ඉතාම වැදගත් අත්දැකීමක් වුනා. මේ අවුරුද්දෙත් එන්න බලාපොරොත්තු වෙනවා. (නදී)

:       0       0

මුණසිංහ Thursday, 14 May 2015 02:46 AM

හොඳයි. ඉතා හොඳයි. සියලු දෙනාටම නැරඹිය හැකි වනපරිදි සැළසුම් කරන්න. පහසුකම් ලබාදෙන්න වැඩි අවධානයක් දෙන්න. පාසල් ළමයින්ට වැඩි අවධානයක් යොමු කරන්න.මගේ සුබ පැතුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site