IMG-LOGO

ප්‍රතික්ෂේප කළ අක්ෂි කාච ගන්න තීරණය කරලා

(යොහාන් භාසුර)

නිසි ආකාරයට ලංසු ඉදිරිපත් කර නොමැති බව පවසමින් අවලංගු කළ අක්ෂිකාච සැපයීමට ඉදිරිපත් වූ සමාගම්වලින් අක්ෂිකාච මිලදීගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේෂ් මහතා චෝදනා කරති.

එම තීරණය වෙනස් කරමින් අඩුපාඩු සහිතව ලංසු ඉදිරිපත් කළ සමාගම් වලින්ම අක්ෂිකාච තොගය මිලදීගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හිටි හැටියේ තීරණය කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැරදි බව තහවුරු කළ සහ ඒ බව සෞඛ්‍ය ලේකම්වරයා පත්කළ කමිටුවකින් තහවුරු කර තිබියදී හිටි හැටියේ එම වැරදි ටෙන්ඩර නිවැරදි වන්නේ කෙසේදැයි ගැටලුවක් මතුවන බවත් කුමුදේෂ් මහතා කීය.  

ටෙන්ඩරයක් සඳහා ලංසු තැබීමේදී හෙළිවන ඇතැම් වැරදි තෝරාගත් සමාගමක් සඳහා අවස්ථාව සැලසීම සඳහා කරන උපායක් ලෙසද, ඒවා හිටිහැටියේ නිවැරදි වීමද එම උපායේම කොටසක් ලෙසද ක්‍රියාතමක වන බව කී කුමුදේෂ් මහතා පැවසුවේ මෙම වැරදි අක්ෂි කාච ටෙන්ඩර හිටි හැටියේ නිවැරදි වීම හරහා බලපතල සැක සහිත ගණු දෙණුවක් පිළිබඳ ඉඟියක් පළවන බව ද සඳහන් කළේය. 

 



අදහස් (0)

ප්‍රතික්ෂේප කළ අක්ෂි කාච ගන්න තීරණය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site