IMG-LOGO

‘පැරණි මිලට ඇනවුම් කළ ඉන්ධන නැව් 3ට මුදල් ගෙවන්න‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රුසියාව සහ යුක්රේනය අතර ඇති වී තිබෙන අර්බුදය නිසා ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලය ඩොලර් 115 ක් දක්වා ඉහළ යාමට හැකි හෙයින් පැරණි මිලට ඇනවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා  කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන්නැයි  ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

වර්තමානයේ පැන නැගී ඇති අර්බුද ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගැන මුදල් ඇමතිවරයා විපක්ෂයේ කල්තැබීමේ විවාදයට පෙර පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

වර්තමානයේ උද්ගතවී ඇති අර්බුද පිළිබඳව කරුණු දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

රජයේ මුදල් කාරක සභාවේ  120 වැනි වගන්තියේ දෙවැනි උප වගන්තියේ "ඉ" යන්න යටතේ පවත්නා වර්ෂය සඳහා වන විසර්ජන පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳ වාර්තාවක් ලබා දෙන්න.

ඊයේ රාත්‍රියේ රුසියාව යුක්රේනයට ඇතුළු වීමෙන් පසුව ලෝකයේ තෙල් බැරලයක් ඩොලර් 115 ක් වේවි.අපට දැනටත් මුදල් ගෙවන්න  නොහැකි වී තිබෙනවා. දැනට පැමිණ තිබෙන නැව් දෙකට කෙසේ හෝ මුදල් ගෙවන එක හොඳයි.



අදහස් (2)

‘පැරණි මිලට ඇනවුම් කළ ඉන්ධන නැව් 3ට මුදල් ගෙවන්න‘

Prabha Tuesday, 22 February 2022 01:19 PM

මොනවා වුණත් මෙයා රට වැටෙනකොට එකෙන් සතුටක් විඳින විපක්ෂයට වඩා නම් හොඳයි.

:       0       1

ab Tuesday, 22 February 2022 05:32 PM

රජය, ගෝලීය ආර්ථිකය, දේශපාලනය පිළිබඳ මනා විශ්ලේෂණයක් සහ අවබෝධයකින් සිටීම වැදගත්වේ. ඉන්ධන මිල පමණක් නොව ගෑස් මිලද ඉහළ යනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site