IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ප්‍රාණ ඇපකරුවන් ඝාතනයට හමාස් සූදානම්

ඊශ්‍රායල ගුවන් හමුදාව තව දුරටත් ගාසා තීරයට බෝම්බ හෙලන බව වාර්තා වේ. හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන දරුණුතම ප්‍රහාර මාලාව මෙයයි.

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම්, තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් එකා බැගින් මරා දැමීමට පසුබට නොවන බව ඉස්ලාමීය හමාස් සටන්කාමීන් පවසා තිබේ.

මේ වනවිට ගාසා තීරයට සැපැයෙන සියලු ආහාර සහ ජලය නැවැත්වීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.

ගාසා තීරයේ පලස්තීන වැසියන් ආහාර සහ ජලය නොමැතිව පීඩාවට පත් කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී ඇති බවත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුද අපරාධයක් බවත් අරාබි රටවල් චෝදනා කරයි.

ඊශ්‍රායලය ප්‍රතිඥා දී ඇත්තේ ගාසා තීරයේ හමාස් පාලනය මුලිනුපුටා දමන බවටය. මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 687 කි. හමාස් ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 800 කි.

ගැටුම බටහිර ඉවුරේ පලස්තීන පාලන ප්‍රදේශයටත් දකුණුදිග ලෙබනනයටත් පැතිර ගොස් තිබේ. බටහිර ඉවුරේ පලස්තීනුවන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.

ලෙබනනයේ මියගොස් ඇත්තේ හිස්බුල්ලා සටන්කාමීන් සිවු දෙනෙකි. හමාස් සටන්කාමීන්ට ආධාර ලබා දෙන්නේ හිස්බුල්ලා සංවිධානයයි. පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමට පටන් ගත් හමාස් සාමාජිකයන් අතරේ හිස්බුල්ලා සාමාජිකයන් ද සිටින බව ඊශ්‍රායලය පවසයි.

(අල් ජසීරා)



අදහස් (3)

ප්‍රාණ ඇපකරුවන් ඝාතනයට හමාස් සූදානම්

Bamunuarachchi Tuesday, 10 October 2023 05:50 AM

අපේ රටෙත් ඉන්නවා හිස්බුල්ලා කෙනෙකුට ආදාර දෙන එකෙක්. සිංහලයින්ට කෙලවෙන්නේ මෑන් නිසා. අනාගතේ සිංහල අපිටත් ඔයවගේම ප්‍රශ්නයක් ඇතිවෙනවා මේ වඩුග නායකයා නිසා.

:       9       70

maxraaTuesday, 10 October 2023 12:19 PM

සිංහලයාට කෙළින්නේ සිංහල නයකයෝම තාමා. අවුරුදු 70ක් තිස්සේ, ආයෙත් ඉතින් අනාගතයේ කෙළවෙන්න දෙයක් නැ!!!

:       3       23

Bamunuarachchi Tuesday, 10 October 2023 06:13 PM

සිංහලයින්ට කෙලවන නායකයෝ කීපදෙනෙක් හිටියා. දැනුත්ඉන්නවා ඉස්සරහට එන්නත් හදනවා... ප්‍රේමදාස, රනිල්, අනුර කුමාර වගේ අය... ඔවුන් තමයි රට කන හම්බයින්ට පහසුකම් සැලසුවේ දැන් සලකන්නේ ඉස්සරහටත් සලකන්න යන්නේ... ඊට වැඩිය කෙලවෙන්නේ සියළුම දෙනාට මෛත්‍රී කරමු කියන පාඨයෙන්...!

:       2       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 144 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 89 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1685 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site