IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘පරාජිතයන් ගන්නවා නම් ඡන්ද කුමකටද?‘ - පැෆරල් අහයි

මෑත ඉතිහාසයේ පැවැති ප්‍රශස්තම මැතිවරණය ලෙස පසුගිය මැතිවරණය ඉතිහාසයට එක් වන නමුත් පරාජිතයන් පත් කිරීම ප්‍රසස්ථ බවට ලොකුම කැළලකියි පැෆරල් සංවිධානය කියයි.

ජනතාව ප්‍රතික්ෂේප කළපිරිස් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවන්නේ නම් මැතිවරණ කුමකට දැයි ජනතාව අතර සංවාදයක් මතුව ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

කෙසේ වෙතත් සමහර අපේක්ෂකයන් පරාජය වූයේ නුසුදුස්සන් නිසාමදැයි විමසිය යුතුව ඇති බවත් ඔහු කීවේය.



අදහස් (0)

‘පරාජිතයන් ගන්නවා නම් ඡන්ද කුමකටද?‘ - පැෆරල් අහයි

ප්‍රියන්ත හේරත් Tuesday, 25 August 2015 03:45 PM

මිනිස්සුන්ට තමන්ගේ නායකයා තෝරාගන්න පුළුවන් තරම් දැනීමක් තියනවනම් 2010 මහා මැතිවරණයේදී කරු ජයසුරිය මහත්තයට වැඩිය පබාට වැඩිපුර මනාප ලැබෙයිද . මම හිතන්නේ 80,000 කට කිට්ටු ගණනක්. මේ සියලුම දෙනා නුගත් අයද? . මේ අතර දොස්තර වරු ඉංජිනේරුවෝ , ආචාර්ය, මහාචාර්ය වරුන්ගේ ඡන්දත් ඇති. මේක තමයි අපේ මිනිස්සුන්ගේ තත්වය. (බ)

:       0       0

දාස් Tuesday, 25 August 2015 09:20 PM

පරජිතය්න්ව ජනතාව පරාජය කලේ පස්ස දොරින් ඇතුල් වෙන්න නෙවේ. ඔවුන්ව යලිත් ගන්නවා කියන්නේ ජනතා පරමාදිපත්‍ය හැල්ලුවට ලක් කිරීමකි. කොලේ හංගා ගැසීමකි. කොටින්ම කියනවානම් ප්‍රසිද්ධියේ අපිට ඇරිමකි. (ම)

:       0       0

ගැමුණු Tuesday, 25 August 2015 10:40 AM

ඇත්තටම පරාජිතයන් ගැනීම නොකළ යුතුව තිබුණා. සාපේක්ෂව ගතහොත් දැන් එජාපයේ බුද්ධිමතුන් කිහිප දෙනෙක් සිටිනවා. එය ද හොඳ ප්‍රවනතාවයක්. (බ)

:       0       0

කවීෂ Tuesday, 25 August 2015 10:50 AM

පරාජිතයින් ගැනීම ශ්‍රී ලංකා නීතියට අනුව වලංගු නම් පැෆරල් සංවිධානයට විරුද්ධව  යුතුයි. රටේ නීතිය අභියෝගයට ලක් කිරීම ගැන‍ (ම)

:       0       0

කනිශ්ක Tuesday, 25 August 2015 10:55 AM

එකනේ ඉතින් අපිත් අහන්නේ...(ම)

:       0       0

ධම්ම Tuesday, 25 August 2015 11:07 AM

පරාජය වූයේ නුසුදුස්සන් නිසාම දැයි යන්න විමසනවාට වඩා ඔවුන් පාර්ලිමේන්තු වරම් ලැබීමට සුදුසුකම් ලැබුවේ නැත යන්න විමසීම වටී.(ම)

:       0       0

ගෝවින්ද Tuesday, 25 August 2015 11:18 AM

ජන්ද නැත්නම් පැෆෙරල් මොකටද ?(නදී)

:       0       0

ලෙස්ලි Tuesday, 25 August 2015 11:25 AM

මේ සදහා නව නීති සෑදිය යුතු වේ (නදී)

:       0       0

ගුණසේකර Tuesday, 25 August 2015 12:36 PM

පරාජිතයන් රටට සහ පක්ෂයට අවශ්‍ය නම් මෙසේ ලිස්ට් එකෙන් ගත්තට වරදක් නැහැ නීතියටත් එකගයි වෙනත් පක්ෂයකින් මුදලට ගන්න එක ඉතා බරපතල කරුණකි.(හේ)

:       0       0

චාමර Tuesday, 25 August 2015 12:49 PM

මෙහෙම කරනවානම් අපරාදේ ජන්දෙට වියදම් කරපු ස්ල්ලි. ඇඩ් වලට වියදම් කරපුව ඉතිරි කළානම් දුප්පත් මිනිස්සු දාහකට වැඩියෙන් ගෙවල් දෙන්න තිබුන. (බ)

:       0       0

ජයසිංහ Tuesday, 25 August 2015 12:58 PM

මේ අය ගන්න ඕනේ නම් ඡන්දයක් තියන්න ඕනි නෑනේ.හේ)

:       0       0

අසෝකා Tuesday, 25 August 2015 01:25 PM

මෙහෙම අය ගන්නවානම් අපි දුන්න ඡන්දෙනුත් වැඩක් නැතුව යනවනේ.(හේ)

:       0       0

අසෝකා Tuesday, 25 August 2015 01:24 PM

මෙහෙම පරාජිතයන් ගන්නවා නම් චන්දයකට වියදම් කලේ අපරාදේ. (හේ)

:       0       0

තිස්ස Wednesday, 26 August 2015 04:34 AM

මහින්ද කල්ලි නිසා ,අපේ හොඳ කීප දෙනෙක් පාර්ලිමේන්තුවෙන් අයින් වුනා. ඒ ගොල්ල ගන්න එක වැරැද්දක් නැහැ. (නදී)

:       0       0

සුරංග Tuesday, 25 August 2015 03:06 PM

කතාව සහතික ඇත්ත. (හේ)

:       0       0

ප්‍රියන්ත හේරත් Tuesday, 25 August 2015 03:17 PM

මේ සේරම නිකන් බොරු කතා පරාජිතයන් හෝ ලිස්ට් එකෙන් හෝ මොන විදිහට ගත්තත් ජනතාවට ලැබෙන්නේ එකම දේ. ඔය පරාජිතයන් පාර්ලිමේන්තුව තුළ යම් හඩක් මතුකරාවී. නමුත් ලිස්ට් එකෙන් එන මිනිස්සු ඔහේ ඉදගන ඉදල ගෙදර යනවා. මේ ක්‍රමවේදයේදී ජය හෝ පරාජයෙන් සුදුස්සන් හොයන්න බැහැ. එ්ක තේරුම් අරගන ඡන්ද දෙන්න තරම් මේ මිනිස්සුන්ගේ මොලේ මෝරලා නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site