IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පරිගණක උපාධිධාරීන් බිහිකිරීමට තරුණ සේවා සභාව - එස්.එල්.ටී.සී. එක්වෙයි

(යොහාන් භාසුර)

රැකියා වෙළෙඳපොළට සරිලන පරිගණක උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය පසුගියදා ගිවිසුමකට අත්සන් තැබීය.

ඕනෑම විෂය ධාරාවකින් අ.පො.ස උසස් පෙළ විභාගය සාමාන්‍ය සාමාර්ථ 3 ක් සමග සමත් තරුණ තරුණියන්ට මෙම උපාධි පාඨමාලාව සදහා ඇතුළත් විය හැකි බවත් පුහුණු මධ්‍යස්ථාන 75 කදී මුල් අදියර යටතේ ශිෂ්‍ය ශීෂ්‍යාවන් 2000 ක් බඳවාගැනීමට නියමිත බවත් ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය තිරාන් ද සිල්වා මහතා පැවසීය.

මෙම ව්‍යවහාරික තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලා ලබන ඔක්තෝබර් මස ආරම්භ කිරීමට බලාපොරොත්තු වන කී තිරාන් ද සිල්වා මහතා විදේශීය රැකියා වෙළදපොළ මෙන්ම දේශීය රැකියා වෙළදපොළේ ද තොරතුරු තාක්ෂණ රැකියා සදහා සුදුසුකම් සහිත රැකියා අපේක්ෂකයින්ගේ හිඟය පියවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ද සඳහන් කළේය.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, වැඩබලන අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම්

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා,  ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සභාපති ඉංජිනේරු රංජිත් රූබසිංහ, ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක, සැලෑස්කොම් ආයතනයේ සභාපති අශීක් අලී සහ ට්රේස් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සංකල්ප ගම්වර්ගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

පරිගණක උපාධිධාරීන් බිහිකිරීමට තරුණ සේවා සභාව - එස්.එල්.ටී.සී. එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site