IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පරිගණක අස්සේ සඟවා තඹ රට යවන්න හදලා

පරිගණක අමතර කොටස් තොගයක් අතරේ සඟවා කොරියාවට අපනයනය කිරීමට සූදානම් කර තිබූ අබිලි තඹ මෙට්‍රික් ටොන් 2ක් රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 18 ක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සපුගස්කන්ද ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙම තඹ තොගය කොරියාවට යැවීමට සූදානම් කර තිබූ බව කියති. එහි තිබූ පරිගණක අමතර කොටස් මෙට්‍රික් ටොන් 18ක්ද රේගුව මගින් අත් අඩංගුවට ගනු ලැබිණි.

මේ සම්බන්ධයෙන් සැකපිට වාත්තු ලිපිකරුවකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

පරිගණක අස්සේ සඟවා තඹ රට යවන්න හදලා

අජිත් Friday, 17 July 2015 08:29 AM

හා .. හා. . කවුරුත් කළබල වෙන්න එපා, ඕවා අපේ අරයාගේ ගේ බඩු. හෙට උදේට අපි බඩු ටික එලියට ගන්නවා. (අ)

:       0       0

රූවන්ති Friday, 17 July 2015 04:01 AM

මේක කාගේ වැඩක්ද (අ)

:       0       0

දිනේෂ් Thursday, 16 July 2015 03:18 PM

ප්ලෑන් එක වැරදුනා.(හේ)

:       0       0

ලකී Thursday, 16 July 2015 03:20 PM

දැන් කරන්න දෙයක් නෑ.අවුරුදු 10ක්වත් හිරේ ලගින්න වෙයි.(හේ)

:       0       0

මනෝ - සපුගස්කන්ද Friday, 17 July 2015 04:34 AM

තඹ අපනයනය කිරීම තහනම් කරල තියෙන්නේ දේශීය කර්මාන්ත නගාසිටුවන්න ඕන නිසා. මේවා දකුණු කොරියාවට යවන්නේ විශාල ලාබයක් උපයන්න පුළුවන් නිසා වෙන්න ඕන. සපුගස්කන්ද ප්‍රදේශයේ පරණ පරිගණක යන්ත්‍ර‍ අමතර කොටස් කොරියාවට යවන ආයතනය තමයි Z- Max Enterprise ආයතනය. ඒ අය මීට පෙරත් මේ විදියටම තඹ අපනයනය කරල තියෙනවා. මොකද ඔය ආයතනයේ කොරියන් කාරයකුත් වැඩකරන බව මේ අවට ඉන්න අය දන්නවා. ඔන්න මහත්තයෝ පුළුවන්නම් මේ රටේ ඉඳගෙන ජාවාරම් කරන විදේශිකයන් අල්ලන්න. (ස)

:       0       0

මනෝජ් Thursday, 16 July 2015 03:39 PM

අනේ පව් දැන් මොනා කරන්නද?(හේ)

:       0       0

දිලිනි Thursday, 16 July 2015 03:54 PM

වැඩි තණ්හාවට හොඳ වැඩේ.(හේ)

:       0       0

යසිරු Thursday, 16 July 2015 04:12 PM

පුලුවන්නම් මේකත් කරේ මහින්ද කියලා ඒ උත්තමයට අපහස කරන්න (හේ)

:       0       0

ජනක සිල්වා Friday, 17 July 2015 09:32 AM

මනෝජ් කියල තියෙන කතාව ඇත්ත. මේ කොරියන් කාරයා එහෙන් කුණු කොම්පියුටර් ගෙනල්ලා මෙහෙ හදල විකුනනවා. හදන්න බැරි ඒවා මෙහෙන් එකතු කරන බඩුත් එක්ක මිශ්‍ර කරලා අපහු කොරියාවට යවනවා. අපේ ගෙවල් තියෙන්නේ මේ ළඟ. රෑ එළිවෙනකල් වයර් වල ප්ලාටික් පුච්චනවා. බැටරි වල ඇසිඩ් ලොකු බුලිවල පටවාගෙන ගෙනිහිල්ල කොහේ හරි හලලා එනවා කියල වැඩ කරන කෙනෙක් කිව්වා. මුන්ට හෙන ගහන්න ඕනේ අපේ පරිසරය කනවට.(නදී)

:       0       0

අවන්ත Thursday, 16 July 2015 04:37 PM

මෙහෙම හොර වැඩ කරලා හම්බකරලා මොකටද?? (නි)

:       0       0

සපුමල් Thursday, 16 July 2015 05:28 PM

තඹ හොරෙකුගේ තවත් ගුණ්ඩුවක් එහෙනම් අහුවුණා? (නි)

:       0       0

හරේන්ද්‍ර Thursday, 16 July 2015 05:40 PM

අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

කඩුවෙල Friday, 17 July 2015 06:47 AM

කෝ කඩුවෙල තඹයා !!(අ)

:       0       0

බුද්ධි Thursday, 16 July 2015 07:24 PM

අපිට බැරිද මේ මොළ වලින් වැඩක් ගන්න? (නි)

:       0       0

විමල් Friday, 17 July 2015 10:33 AM

ප්‍රතිචක්‍රීකරණ ආයතන කියන කොම්පැනි ඔක්කොම කරන්නේ තඹ හංගල හොරෙන් ඉන්දියාවට , චීනෙට , කොරියාවට යවන මගෝඩි වැඩ. (ර)

:       0       0

විජයබාහු Friday, 17 July 2015 07:44 AM

මොකෝ නැත්තේ බුද්දි මෙව්වයින් දැනටමත් වැඩ ගන්නවා. පාර්ලිමේන්තුවේත් ඉන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site