IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පරීක්ෂණය යට ගහන්න හදනවාලු

ඉපැරණි ශිෂ්ටාචාර කිහිපයකටම නෑකම් කියන දකුණු ආසියා රටක පුහුණුවට ගිය ඉහළ නිලධරයෙකු ඔහුට වඩා පහළ නිලයක් දරන කෙනෙකුට පහරදී මරණ තර්ජන කළැයි කියන සිද්ධියක් යට ගසන්නට යතියි කියති.

යුද සමයේ ශ්‍රීලංකාවටද ආධාර කළ මේ රටේ අගනුවර ජාත්‍යන්තර ප්‍රදර්ශනයක ලක් කුටියට සැරසීමට අවැසි පින්තූර පිළිබඳ ප්‍රශ්නයක් මේ ප්‍රහාරයට හා තර්ජනයට හේතුවී ඇතැයි දැනගන්නට ඇත.

එම පින්තූර ගැන ඔහුගෙන් ඉල්ලා කළ සිහිකැඳවීම් නොරිස්සූ ලොක්කා පහළ නිලධරයාගේ ගෙදරට මහ රෑ කඩාවැදී  ඇතැයිද දොර ජනෙල් හා ගෙදර බඩුමුට්ටු වලට හානිකළ ඔහු පහළ නිලධරයාට මරණ තර්ජන එල්ල කර ඇතැයිද කොළඹට වාර්තා වේ.

ඔහු කඩා වැදුණු නිවස පිහිටියේ විදේශ වලින් යන පුද්ගලයන් සඳහාම වෙන්වූ පැත්තක බවත් ගෝරිය බේරීමට විදෙස් සහයද ලැබී ඇති බවත් කියති.

මේ ගැන විභාගයක් කළ යුතු නමුත් එම සිද්ධිය වසා යට ගැසීමට කොළඹ කාර්යාලය ක්‍රියා කරතියිද වාර්තා වේ.



අදහස් (0)

පරීක්ෂණය යට ගහන්න හදනවාලු

විදානේ Sunday, 13 December 2015 10:49 PM

කවදාහරි එයාට ලංකාවට එන්න වෙනවනේ. එතකොට බලාගමුකෝ (නි)

:       0       0

දිනේෂ් Sunday, 13 December 2015 10:52 PM

රටේ නම කැතවෙන විදිහට සහ විදේශ රටක නීතිය කැඩුවා නම් පරීක්ෂණ යට ගහන්න දෙන්න එපා. හොඳට හොයා බැලුවොත් හැම ආණ්ඩුවෙන්ම තමන්ගේ වාසියට වැඩ කරගන්න නිලධාරින් ඔතනත් ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site