IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පේ‍්‍රක්ෂකයා හිතන්නේ නළු නිළියන් දෙයියන්ටත් වඩා දන්න බවයි

සරත් කුලාංගගේ කලා ජීවිතයට මේ වනවිට හරියටම අවුරුදු 35කි. විවිධ කලා ඉසව්වලට විහිදුනු ඔහුගේ ගමන් මගේ සොඳුරු ඉසව් ස්පර්ශ කරමින් යන ගමන තුළ ඔහු අනේකවිධ බාධක කඳුහෙල් තරණය කරමින් යම් සංධිස්ථානයකට පැමිණ හිඳී. මේ සොඳුරු කලාකරුවා මේ වනවිට දායක වී ඇති වේදිකා නාට්‍ය ගණන 20කි. ටෙලිනාට්‍ය 24ක් හා සිනමා පට 6කි. ලංකාවේ ශෛලිගත නාට්‍ය සම්ප‍්‍රදාය අනුව නිෂ්පාදිත, විශිෂ්ට නිර්මාණ යැයි අප අදටත් පිළිගන්නා බොහෝ නිර්මාණ සඳහා තම රංගන දායකත්වය ලබාදීමට සමත්වීම මත සරත් කුලාංග නැමැති රංගවේදියාගේ බොහෝ දක්ෂතා අපට දැකගත හැකි විය. මහාසාර, ජසයා සහ ලෙංචිනා, නරිබෑනා, යෙර්මා, මධුර ජවනිකා වැනි නිර්මාණවලදී වේදිකාව තුළ ගොඩනැගූ රංග පෝෂණයන් පේ‍්‍රක්ෂකයාට කිසිවිටක අමතක වීමටද හේා්තුවක් නැත. රංග ශිල්පියෙකුට අමතරව සරත් වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය කීපයකටම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති රාජ්‍ය සම්මාන පවා දිනූ ශිල්පියෙකු බව සමහර විට පේ‍්‍රක්ෂකයාද නොදන්නා කාරණයක් වනු ඇත. ඔහු තමා පැමිණි ගමන් මගේ තවත් පියවරක් ඉදිරියට තබා ඇත. මෙම 24 වැනිදා හැව්ලොක් ටවුමේ ලූම්බිණි රඟහලේදී ”දෙයියොත් දන්නේ නෑ” නමින් රංගගත කිරීමට සැරසෙන්නේ මේ ඔහුගේ අලූත්ම නිර්මාණ ව්‍යායාමයයි. තම අලූත්ම නාට්‍යයේ වගතුග ”රසවින්දන” වෙනුවෙන් ඔහු මෙසේ ගෙනහැර දැක්වීය. සරත් කුලාංග ඔබ දශක තුනක් තිස්සේ මේ රටේ විශේෂයෙන් අපගේ නාට්‍ය ක්ෂේත‍්‍රය තුළ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරන කෙනෙක්. බොහෝ ප‍්‍රවීණයන්ගේ නාට්‍යවලටත් දායක වීමට ඔබට වාසනාව ලැබුණි. නාට්‍යය ක්ෂේත‍්‍රය ගැන සුබවාදී ආකල්පයක් පළ නොකරන සමයකත් අලූතෙන් නාට්‍යයක් වේදිකාවට ගේන්න ඔබ කල්පනා කරන්නේ ඇයි? මම දයානන්ද ගුණවර්ධනයන්ගේ, මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍යවල රඟපාන කාලේ ඉඳලාම දැකපු දෙයක් තමයි සාම්ප‍්‍රදායික ශෛලීන්වලින් නිෂ්පාදනය කරන නාට්‍යවලට පේ‍්‍රක්ෂකයන් බොහොම කැමැත්තෙන් නැරඹීමීමට පැමිණෙන බව. ඒ වගේම අද වෙනකොට එවැනි නාට්‍යවල යම් ඌනතාවකුත් අපට දක්නට ලැබෙනව. නාට්‍යයකින් අප බලාපොරොත්තු වන්නේ ජනතාව ආනන්දයෙන් ප‍්‍රඥාවට ගෙනයාමයි. එසේ නම් අප ඉදිරිපත් කරන දේ පේ‍්‍රක්ෂකයාට රසවත් විය යුතුයි. වර්තමානයේ බිහිවන බොහෝ නාට්‍ය අනුශාංගික අංගවලින් බොහොම දුප්පත්. වේදිකා නාට්‍ය තුළ ප‍්‍රභාස්වරයක් තිබිය යුතු බවට මා විශ්වාස කරනවා. සංගීතය, රංගනය, පසුතල නිර්මාණය, ඇඳුම් නිර්මාණය ආදී මේ හැම දෙයක්ම පේ‍්‍රක්ෂකයාව ඇදඳ බැඳ තබා ගැනීමට ඉවහල් වන දේවල්. අපේ දේශීය තනු, දේශීය නර්තනයන් නාට්‍යවලදී දැක බලා ගැනීමට පේ‍්‍රක්ෂකයන් බොහෝ කැමැතියි. දැන් ඔය බොහෝ බටහිර රටවල් කරපු නාට්‍ය අත්හදා බැලීම් අපේ කලාකරුවන් මීට අවුරුදු සිය ගණනකට පෙර කරපුවා. උදාහරණයක් ලෙස බ්‍රෙෂ්ට්ගේ තදාත්මක විඝටනය වැනි ශිල්ප ක‍්‍රම අපේ කෝළම්,සොකරි වැනි ජනනාට්‍යවල දක්නට ලැබුණා. මගේ අපේක්ෂාව වුනේ අපේ හැඩයට ගැලපෙන විදියේ නිර්මාණ පේ‍්‍රක්ෂකයාට ඉදිරිපත් කිරීමයි. ඔබ ප‍්‍රවීණයන් රැුසකගෙන් බොහෝ අත්දැකීම් ලැබූවෙක්. මේ නාට්‍ය හරහා ඔබ අපට කියන්න උත්සාහ කරන්නේ කුමක්දැයි මා ඔබෙන් ඇසුවොත්. ප‍්‍රධාන වශයෙන්ම ස්ත‍්‍රීත්වය පිළිබඳව මා මේ නාට්‍යයෙන් කතා කරනවා. ඒ වගේම දේවත්වයෙන් අප සලකන නළු නිළියන් පිළිබඳවත් යම් කතිකාවතක් මේ හරහා සිදුවෙනවා. අද ලයනල් වෙන්ට්ඞ් රඟහලේ ජසයා, ලෙංචිනා, මහාසාර වගේ නාට්‍යය පෙන්වන කොට ඉංග‍්‍රීසි වේදිකාවේ නාට්‍යය නැරඹීමට පුරුදු වී සිටින පේ‍්‍රක්ෂකයාත් මේ නාට්‍යය බලන්න එනවා. මගේ අරමුණත් ”දෙයියොත් දන්නේ නෑ” නාට්‍යයට එවැනි පේ‍්‍රක්ෂක පිරිසක් කැඳවා ගන්නයි. මේ නාට්‍ය ප‍්‍රහසනයක්. මුල සිට අග දක්වාම රසවත්ව නැරඹිය හැකි නාට්‍යයක්. මම හිතනවා පළමුවරට නරඹපු කෙනෙක් නැවත වරක් මෙයම නැරඹීම අනිවාර්යයි. අවුරුදු 35ක අත්දැකීම් මේ නිර්මාණය සඳහා මා ඉවහල් කරගත්තා. මෑත කාලීනව අපේ නාට්‍යවලට අපූරු නම් භාවිත වුණා. සමහර විට ”නම” නිසාම නාට්‍යය ගොඩගියපු අවස්ථාවත් තිබෙනවා. ”බල්ලොත් එක්ක බෑ” ”බකමූණා වීදි බසියි” අපූරු නම් අතරේ ”දෙයියොත් දන්නේ නෑ” සුවිශේෂී නමක් කියලයි මට හිතෙන්නේ. අපේ ගම් වහරේ බොහෝ යෙදුම් තිබෙනවා. එම යෙදුම් අතරේ ”දෙයියොත් දන්නේ නෑ” කියලා අප ව්‍යවහාර කරන්නේ සිතාගත නොහැකි දෙයක් වෙනුවෙන්. මේ නාට්‍ය තුළින් කියවෙන්නේ දෙවියන්ගේ චරිතය රඟපාන නළුවෙක් ඇත්තටම දෙවියෙක් යැයි සිතාගෙන මිනිසුන් රැුවටෙන ආකාරයයි. පේ‍්‍රක්ෂකයන් සිතන්නේ අපේ නළු නිළියන් දෙයියටත් වඩා දන්න පිරිසක් කියලා. මෑත වකවානුවේ කලාකරුවන්, සංඝ සමාජය හා බුද්ධිමතුන් කියන හැම ස්ථරයක්ම ඉතාම ඛේදනීය විදියට අපව රැුවැට්ටුවා. මේ නාට්‍යය හොඳ ඉඟියක්. ඒ කාරණය සම්බන්ධව ඒ හෙළුව හෙළිදරව් කිරීමයි මේ නාට්‍ය හරහා සිදුවන්නේ. මේ නාට්‍යයේ සංගීතයත් ඔබේ. අධ්‍යක්ෂණයත් සංගීත අධ්‍යක්ෂණයත් එකවිට කිරීම අපහසු වූයේ නැද්ද? ඔබ නිරූපණය කරන සංගීත අධ්‍යක්ෂක භූමිකාව ගැන මා ඔබෙන් නොඇහුවොත් ඔබට කරන අසාධාරණයක්. මා තුළ සිටින නළුවා තරමටම සංගීතඥයාවත් එළියට ගැනීමට හැම මොහොතෙම මා උත්සාහ දරනවා. මා වෘාත්තියෙන් ගුරුවරයෙක් විදියට සංගීතය මට සමීප විෂයක් බවට පත්වෙලා. මම බොහෝ වේදිකා නාට්‍ය ප‍්‍රමාණයකට සංගීිත අධ්‍යක්ෂණයෙන් දායක වී තිබෙනවා. ඒවාට රාජ්‍ය හා යෞවන සම්මානත් හිමිකරගෙන තිබෙනවා. ඇත්තටම මගේ නාට්‍ය තුළ සංගීත අධ්‍යක්ෂණ කටයුතු මටම පවරා ගත්තේ නාට්‍යයට අවශ්‍ය දේ මා දන්නා නිසයි.



අදහස් (0)

පේ‍්‍රක්ෂකයා හිතන්නේ නළු නිළියන් දෙයියන්ටත් වඩා දන්න බවයි

මධුරන්ග Thursday, 20 June 2013 09:41 PM

හොඳයි (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28882 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18209 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11258 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 694 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site