
(කේ. බුද්ධික කුමාරසිරි)
තම පියා නිවස තුළ මියගොස් දින තුනක් ගත උවත් ඒ පිළිබදව නොදැන නිරාහාරව නිවසේ ඇඳක් මතට වී සිටි විශේෂ අවශ්‍යතා සහිත 20 හැවිරිදි පිරිමි දරුවකු අතුරුගිරිය ඔරුවල මිලේනියම් සිටි ප්‍රදේශයේ නිවසක දී අද (04) දින සොයා ගැනීමට හැකි වූ බව අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේඅතුරුගිරිය මිලේනියම් සිටි කලාප අංක 05 හී පදිංචිකරුවකු වන මානවඩුගේ අමිත් විමුක්ති ද සිල්වා නමැති 64 හැවිරිදි එක්දරු පියකු වන ව්‍යාපාරිකයෙකි.
නිවස තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සමඟින් ව්‍යාපාරිකයෙකු වන ඔහුගේ පියා ජීවත්ව තිබේ.
දින තුනක පමණ කාලයක සිට ඔවුන්ගෙන් දුරකථන ඇමතුමක්වත් ලබා නොගැනීම නිසාවෙන් ඔවුන්ගේ ඥාතීන් එම නිවසට පැමිණ සොයා බැලුවද දොර ජනෙල් වසා තිබූ බැවින් ඒ පිළිබඳව අතුරුගිරිය පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පොලිස් නිලධාරීන් පැමිණ අදාළ නිවසෙයි ඉදිරිපස දොරගුළු කඩා නිවස තුළට ඇතුළු වී සොයා බැලීමේදී එහි නාන කාමරයේ ඉදිරිපිට ලේ පැල්ලම් සහිතව මුනින් අතට වැටී සිටි නිවසේ හිමිකරුගේ මෘත දේහය හමුවු බව පොලිසිය පවසයි.
ඒමෙන්ම නිරාහාරව සිටි දරුවා නිවසෙහි කාමරයක ඇඳක් මතට වී ගුලි වී සිටින ආකාරයක් පොලිස් නිලධාරීන් දැක ඇත.එම තරුණයා රෝහල් ගත කර ප්‍රතිකාර ලබාදීමට නියමිත වේ
මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳ වසර අටකට පමණ පෙර රැකියාවක් සදහා විදෙස් ගතව ඇති බවත් ඇය විසින් එවන මුදලින් දෙදෙනා ජීවත් ව ඇති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පියා මළ බව නොදත් පුතු තෙදිනක් සා ගින්දරේ