IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


පැය නවය හමාරකට පසු නාලක සිල්වා පිටව යයි - හෙට යළි කැඳවයි

නිමන්ති රණසිංහ සහ තරිඳු ජයවර්ධන
 

පැය නවය හමාරක් තිස්සේ ප්‍රකාශ ලබා දුන් ත්‍රස්ත විමර්ශන අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසියෙන් පිටව ගියේය.
 

ඔහු යළි හෙට උදේ රහස් පොලිසියට කැඳවූ බව එහි ආරංචි මාර්ග කියයි.
 
නාලක ද සිල්වා මහතා රහස් පොලිසියෙන් ඇසූ ප්‍රශ්නවලට දුන් පිළිතුරු තහවුරු කර ගැනීමට ද කටයුතු කරන බව එහි ආරංචි මාර්ග පවසයි.
 
අද උදේ 9.15ට රහස් පොලිසිය හමුවේ පෙනී සිටි නාලක ද සිල්වා මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පස්වරු 6.50 පමණ වන තෙක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. විමර්ශනයේ දී හෙළිකර ගත් තොරතුරු ගැන ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට තිබෙන බව රහස් පොලිසිය කියයි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියමින් නාමල් කුමාර නම් පුද්ගලයකු කළ පැමිණිල්ලක් අනුව රහස් පොලිසිය මෙම විමර්ශනය පවත්වයි.
 
පොලිසියේ ප්‍රධාන අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන අංශය වෙත එල්එම්ජී අවි දෙකක් නිකුත් කර ඇති බවත්, එම අවි දෙක දින දෙකක් පිටතට රැගෙන ගොස් යලි ගෙනැවිත් ඇති බවත් මෙම විමර්ශනයේ දී රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ. එලෙස අවි රැගෙන ගියේ නාලක ද සිල්වා මහතාගේ උපදෙස් මත යැයි සාක්කිකරුවන් ප්‍රකාශ කර ඇති බැවින් ඝාතන කුමන්ත්‍රණය ගැන මෙන්ම මෙම සිද්ධිය ගැන ද නාලක සිල්වා මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

ඡායාරූප -  ළහිරු හර්ෂණ

 



අදහස් (2)

පැය නවය හමාරකට පසු නාලක සිල්වා පිටව යයි - හෙට යළි කැඳවයි

ගල්කටස් Thursday, 18 October 2018 01:02 PM

කොමඩි ලන්තයෙ තවත් කොටසක අවසානය මෙගා ටෙලිනාට්‍යක් වගෙයි දැන්නම්. සිරිලංකාව ට අනේ වුණු විපැත්තිය. පෞඪ ජාතියකට වෙන නස්පැත්තියක තරම මගේ මවු බිම කෙලසන සියලු දේශපාලනය කරන්නන්ට පලදේවි......

:       0       0

kumarage Thursday, 18 October 2018 03:17 PM

ගොඩක් දුරට මේ වගේ අය තමයි පොලිසිවල ලොකු පුටුවල ඉන්නේ............. මෙයා පොලිස්පති උනා නම් රටට කොහොම කලක් යයිද ...අසරණයෝ කී දෙනෙක් මැරුම් කයිද හිරේදි.........

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31600 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13962 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11087 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1097 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site