(පානදුර සුමිත් පොතුපිටිය)

පයාගල  ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පුද්ගලයෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය පවසයි .

පයාගල, මිල්ලගස් උඩුමුල්ල ප්‍රදේශයේ ඊයේ (08) ආරවුල සිදුව ඇති බවත්, රාත්‍රි 10.45 ට පමණ 1990 සුවසැරියෙන් නාගොඩ මහ රෝහලට තුවාලකරු රැගෙන ගොස් ඇති අතර , ඒ වනවිටත් ඔහු මියගොස් සිට ඇති බව රෝහල් ප්‍රකාශයකයෙක් කීය.

මියගොස් ඇති පුද්ගලයා පයාගල, දංවත්ත අක්කරවත්ත, ප්‍රදේශයේ පදිංචි චන්න සපරමාදු නැමැති 48 හැවිරිදි   අයකු බව පොලිසිය කියයි .

පයාගල ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ  පවත්වති .