සිරිලක සොබා සුන්දරත්වය වැඩිදියුණු කරමින් වාර්ෂිකව මෙරටට සංචාරය කරන පක්ෂින්ගේ පැමිණීම දැන් ආරම්භ වී තිබේ. රත්නපුරයේ විදුලි කම්බි මත රාත්‍රිය ගත කිරීමට නවාතැන් ගන්නා දහස් සංඛ්‍යාත අටුවැහිලිහිණියෝ පසුගිය සැප්තැම්බර් අට වැනි දා සිට මෙරටට පැමිණීම ඇරඹූහ.
මෙලෙස ලංකාවට පැමිණෙන සංචාරක කුරුල්ලන් බොහොමයකි. ඔවුන් හඳුන්වන්නේ නිහැරියන් නමිනි. ඒ පක්ෂීන්ගෙන් කොටසක් නිවෙස් ආසන්නයේ දී ද දැකගත හැකවීම විශේෂත්වයකි.
අවිච්චියා, සුදුරෙදි හොරා, නිල්පෙඳ බිඟුහරයා, වැනි කුරුල්ලන්ද රත්නපුරයට බහුලව පැමිණෙන අටු වැහිලිහිණියා ද නිවෙස් අසළ ගැවසෙති.
සැතපුම් දහස් ගණනක් දුර ගෙවා ශ්‍රී ලංකාවට පැමිණෙන මේ කුරුල්ලන් ඇතැම් අවස්ථාවල දී වෙහෙසට පත්ව වැටී සිටින අවස්ථා වාර්තාවෙයි. එලෙස වෙහෙසට පත්වූ කුරුල්ලන් ආරක්ෂා කිරීම කෙරෙහි මෙවර පරිසරවේදීන්ගේ වැඩි අවධානයක් යොමුව ඇත.
පියඹාගත නොහැකිව වැටී සිටින නිහැරි කුරුල්ලකු හමුවූ විටෙක කාක්කන්, බල්ලන් හා පූසන්ගෙන් බේරාගෙන ආරක්ෂාව සළසා දෙන ලෙසත් ඉක්මණින් යථා තත්ත්වයට පත් නොවන්නේ නම් සිදුරු සහිත කාඩ්බෝඩ් පෙට්ටියක බහා අඳුරු තැනක තබන ලෙසත් කුරුලු විද්‍යා කවය ඉල්ලා සිටියි. සිහ තිබේනම් ජලය මදක් ලබාදෙන ලෙසත් ඔවුන් උපදෙස් දෙයි. හෙම්බත් වූ කුරුල්ලන් ගැන කුරුලු විද්‍යා කවයට දන්වන ලෙස ද ඔවුන් ඉල්ලා සිටියි.
කුරුල්ලන් නැරඹීමත් ඔවුන් ගැන අධ්‍යයනයත් මහත් විනෝද ජනක මෙන් ම මානසික සුවයක් ලබා දෙන කාර්යයකි. මේ හේතුවෙන් මෙරටට පැමිණෙන නිහැරියන් ඇතුළු කුරුල්ලන් නැරඹීම වඩාත් ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා ක්ෂේත්‍ර පක්ෂි අධ්‍යයන කවය ‘‘මිග්‍රන්ට් වොච් “ නමින් වැඩසටහනක් සංවිධානය කැර ඇත. කුරුල්ලන් ගැන උනන්දුවක් දක්වන නවකයන්ට මේ සඳහා සහභාගී වීමට අවස්ථාව ඇත.
එම වැඩසටහනේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ දී සෙනසුරාදා (27) උදෑසන 9.30 සිට 11.00 දක්වා පැවැත්වේ. ‘‘වසරක් පාසා ශ්‍රී ලංකාවට එන නිහැරියන්“ යන මාතෘකාව යටතේ මහාචාර්ය දේවක වීරකෝන් දේශනය පවත්වයි.
ඉරිදා (28) උදෑසන 7.00 ට බත්තරමුල්ල තලංගම වැව අසළ දී කුරුල්ලන් නැරඹීමේ වැඩසටහනක් ද සංවිධානය කර ඇත.
මේ වැඩසටහනට සහභාගී වීමට කැමත්තේ නම් 0712289022 / 0718440144 හෝ විද්‍යුත් තැපැල් ලිපිනය migrant[email protected] ඔස්සේ සම්බන්ධවීමට අවස්ථාව ඇත.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
පියාසර අමුත්තෝ එති
බන්දුල පෙරේරා Friday, 26 September 2014 05:51 AM
අපේ රටට සංචාරකයෝ එන්නේ නැහැ කියල බොරුනේ කියන්නේ? (ස)
පිටබැද්දර ජයා Friday, 26 September 2014 01:47 PM
දැන් මෙයාලට ඉස්සර වගේ සැතපුම් දහස් ගණන් පියාඹන්න උවමනා නැහැනේ. මත්තලට එනකම් නොමිලේ "ට්‍රාන්ස්පෝට්" තියෙනවනේ. එතන ඉඳලා ඉතින් මහා දුරක්ද? (නි)
අජිත් Friday, 26 September 2014 07:21 AM
මෙ කාලෙට වැහි ලිහිණි කුඩු කඩල රට යවන කට්ටිය ගැනත් හෙව්වොත් හොදයි නේද (නදී) වොත්
චමී Friday, 26 September 2014 07:22 AM
ඔය එන්නේ සංචාරකයෝ. ගහමු තව හෝටල් ටිකක් ඉක්මනට (නදී)
අජිත් කරුණාරත්න Saturday, 27 September 2014 04:15 AM
සුමිත්, ඔබ ගේ අදහස මමත් අගය කරනවා. අපේ ගෙදර මිදුලේ වහලයක් සහිත විවෘත කුඩුවක් සවිකරලා, හැම දාම උදේට සවසට තැටි දෙකකට බත් දානවා.බත් කෑමට හැමදාම උදේට සවසට රෑන ගිරවු කණ්ඩායම් දෙකක් එනවා. 16 ක් ඉන්නවා. හරිම සුන්දරයි. දැන් අවුරුදු 8 - 10 ක කාලයක සිට කෑම දෙනවා. ප්‍රධාන පාර අයිනේ නිසා මහ මග යන අය, පොඩි දරුවෝ මෙතනට එන ගිරවු බලල සතුටු වෙනවා. (දී)
දයාසිරි Friday, 26 September 2014 07:49 AM
ස්වභාව ධර්මයේ විශ්මිත නිමවුම් (දී)
සුමිත් Friday, 26 September 2014 03:16 PM
මේක හොඳ වැඩ සටහනක්. අපිඑකට සහභාගී වෙන්නඋත්සහ ගන්නවා (දී)
ජයත් Saturday, 27 September 2014 06:52 AM
බන්දුල දැනට නම් කුරුල්ලෙක් හරි එනවා මේ විදියට තවටිකකලක් ගියෝතින් බල්ලෙක් වත් ඒ විද කියල තමයි සැක (දී)
සුමිත් Friday, 26 September 2014 09:27 AM
හොඳ දෙයක් , අහිංසක සත්තු ගැන බලන එකට පින්. (ස)
සඳුනි Saturday, 27 September 2014 07:17 AM
ලියුම් කරුට සහ දැනුවත් කල සැමට තුති.සමහර මෝඩ මිනිස්සු කුරුළු උණබෝවෙයි කියලා මේ අහිංසක සත්තුන්ට පහරදෙනවා. (අ)
ගාමිණී Friday, 26 September 2014 09:36 AM
අපේ පරිසරය මීට වඩා රැක ගත යුතුයි. වල් අලින්ට අන්තිම නරක කාලයක් ලැබිල තියෙන්නේ. අලි පැටවුන් හොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වැඩ පිළිවෙලක් අවශ්‍යයි. (ස)
උඩරට මැණිකේ Saturday, 27 September 2014 08:15 AM
ස්වභාව ධර්මයේ අසිරිය . තමන්ගේ රටවල් ශීතල වේගන එනකොට ගැලපෙන පරිසරයක් තියන රටවල් හොයාගෙන පියාබන්නේ මොනම සිතියමක්වත් නැතුව.කුරුළු විද්‍යා කවයට සුබ පැතුම් (අ)
නින්ජා Friday, 26 September 2014 11:03 AM
ලස්සනයි (දී)
නවෝද් Saturday, 27 September 2014 02:02 AM
දැලක් දාලා අල්ල ගමුද මොකද කියන්නේ (දී)
උපාලි Friday, 26 September 2014 05:21 AM
යාලුවනේ, උඹලව අල්ලලා කුඩූ කරගන්න ඉඩ තියෙනවා. පරිස්සමෙන්! (දී)
සුසවි Friday, 26 September 2014 05:34 AM
මෙි පක්ෂීන්ට සුදුසු අපේ පරිසරය සුරැකීම අපේ යුතුකමයි. (ස)