IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘‘පියයුරු කුඩා කර ගන්න ගිය කත තව ඩිංගෙන් මැරෙනවා”

සුදුසුකම් නොමැති බව කියන පෞද්ගලික වෛද්‍යවරයකුගෙන් පියයුරු කුඩා කිරීමේ සැත්කමක් සිදුකරගෙන බරපතල ජීවිත අවදානමකට ගොදුරුවූ කාන්තාවක එම තත්ත්වයෙන් මුදා ගැනීමට හැකිවුණු බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය දුලිප් පෙරේරා මහතා පැවසීය.

ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහායෙන් සිදුකළ බලවත් පරිශ්‍රමයක ප්‍රතිඵලයකින් පසු ඇයගේ ජීවිතය බේරාගත් බව වෛද්‍ය දුලිප් පෙරේරා සඳහන් කළේය.

රෝහලට ඇතුළත් කරන විට විෂ බීජ මුළු රුධිර සංසරණ පද්ධතිය පුරා පැතිරී ලේ විසවීමේ (සෙප්ටිසීමියා) බලවත් ජීවිත අවදානමකට පත්ව සිටියාය. එම කතට ප්‍රතිජීවක ඖෂධ දී සැත්කමක් කළ බවත් ඉන්පසු එම පියයුරු බද්ධ කිරීමට තවත් සැත්කමක්ද සිදු කළේය. තව මාසයකින් පමණ තවත් සැත්කමක් සිදුකළ යුතු බවත් ඔහු කීවේය.

ඇයගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් රජයෙන් මෙතෙක් වැයවී ඇති මුදල රුපියල් ලක්ෂ තුනහමාරක් පමණය. තව වසර තුනකින් පමණ ඇයට තවත් සැත්කමක් සිදු කළ යුතුය. මේ සියල්ල නිම වන විට වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රජය වැය කළ යුතු මුදල රුපියල් ලක්ෂ අටකට ආසන්න වෙයි.

නේවාසික ප්‍රතිකාර නිමකර වෛද්‍ය උපදෙස් මත ඇය රෝහලින් පිටව ගියත් වෛද්‍ය සායනවලට නියමිත පරිදි සහභාගීවෙමින් ලබාදී ඇති වෛද්‍ය උපදෙස් හරියාකාරව පිළිපැදීම කළ යුතුය.

මෙම කාන්තාවට සැත්කම සිදුකර ඇති වෛද්‍යවරයාට එවන් සැත්කම් සිදුකිරීමට අවසරයක් නොමැති බව ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සංගමය සිදු කළ පරීක්ෂණයකදී හෙළිදරව් කරගෙන ඇත. එපමණක්ද නොව තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය යාමට අදාල සිද්ධියක නඩුවක්ද මෙම වෛද්‍යවරයාට අධිකරණය හමුවේ පවති.ඊට අමතරව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මඟින්ද යම් කාරණාවක් මත පරීක්ෂණයක් සිදුකරගෙන යන බවත් එම සංගමය හෙළිදරව් කරගෙන ඇත.

පියයුරු කුඩා කිරීමේ සැත්කම හඳුන්වන්නේ බ්‍රෙස්ට් රිඩක්ෂන් සර්ජරි ලෙසිනි. මෙවන් සැත්කමක් සිදු කිරීමට අංග සම්පූර්ණ ශල්‍යාගාරයක් සහ පළපුරුදු කාර්ය මණ්ඩල අවශ්‍ය වෙයි. සැත්කම සඳහා පැය තුනක පමණ කාලයක් වැයවෙයි. රෝගියා සම්පූර්ණ නිර්වින්දනයට ලක්කළ යුතුය.

කොළඹ ජාතික රෝහලේ මෙම සැත්කම සිදුවෙයි. මෙම සැත්කම එහි සිදු කරන්නේ ඇතැම් කාන්තාවන් පෙළෙන කායික රෝගවලින් මුදවා ගැනීමටය. ලොකු පියයුරු කාන්තාවන්ගේත් බොහෝ දෙනකුට සුව නොවන කොන්දේ ආබාධ, එකම ඉරියව්වකින් ගෙල තබාගැනීමට නොහැකියාව බ්‍රෙසියර් පටි හේතුවෙන් උරහිස් තුවාලවී උරහිස පහළට ඇදීම වැනි තත්ත්ව ඇතිවෙයි. එම නිසා සැත්කමට සුදුසු කාන්තාවන් තීරණය කරනු ලබන්නේ වෛද්‍යවරයාය.

රජයේ ලියාපදිංචි සමහර පෞද්ගලික රෝහල්වල රූපලාවන්‍ය උදෙසා මෙම සැත්කම සිදුකරනු ලැබේ. එහිදී පළපුරුදු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් එය සිදුකළ යුතුය.

විවිධ රූපලාවන්‍ය කටයුතු සිදුකරන ස්ථාන හතු පිපෙන්නාක් මෙන් බිහිවෙයි. පැහැය වෙනස් කිරීමට එනනත් දීම සිරුර ප්‍රාණවත් කරවන බී 12 එන්නත් කිරීම හිසකෙස් වැටීම නතර කිරීමට එන්නත් දීම යනාදී ලෙස විවිධ එන්නත් ලබාදෙන්නේ ප්‍රමිතියකින් තොරවය. සුදුසුකම් නැති වෛද්‍යවරුන්ය. රෝගියාට අසාත්මිකතා ඇතිවුණ විටදී රෝගියා රජයේ රෝහලට පැමිණෙයි. එහිදී රෝගියාගේ දිවි ගලවා ගැනීමට රුපියල් ලක්ෂ ගණන් මුදල් රජයෙන් වැය කරයි. මෙවන් තත්ත්ව හමුවේ අදාළ බලධාරීන් මුනිවත රැකීම ගැටළුවක් බව විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා පෙන්වා දෙයි.

වැරැදුනු සැත්කමට පසු

IMG_1129

පියයුරු කුඩා කිරීමට පෙර

FullSizeRender

පියයුරු කුඩා කළ පසු දිස්වන්නේ මෙසේය (නිදර්ශන ඡායාරූපයක්)

IMG_1124

කොළඹ ජාතික රෝහලේ දී සැත්කම කර ජීවිතය බේරා ගත් වෛද්‍ය දුලිප් පෙරේරා

IMG_0962



අදහස් (0)

‘‘පියයුරු කුඩා කර ගන්න ගිය කත තව ඩිංගෙන් මැරෙනවා”

ජෙසිකා - සයිප්‍රස් Tuesday, 18 November 2014 12:18 PM

තව ඕනෑතරම් අහිංසක ලෙඩ්ඩු ඉද්දි මේ වගේ විකාර ලෙඩ්ඩුන්ට මෙච්චර ගානක් වියදම් කරන එක අසාධාරනයි. අනිත් එක දුප්පත් මිනිස්සු මේ වගේ වැඩ වලට යන්නේ නැහැ. රෝගියා අනිවාර්යෙන්ම සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඕන. (ර)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Tuesday, 18 November 2014 12:20 PM

ස්වාභාවයෙන් තමන්ගේ සිරුරේ තිබෙන දේවල් කෘතිමව වෙනස් කරන්න ගියාම ඔහොම වෙනවා. සමහර ගැහැණුන් සිතනවා වෙන්නට පුළුවන් කුඩා පියයුරු වලට මිනිසුන් ආසයි කියා. (ර)

:       0       0

සමාධි Wednesday, 19 November 2014 09:47 AM

සුදුසුකම් නැතුව දැන් ඔය නටපු දෙවනි නාඩගම. කලින් ඔය නාඩගම නටපු වෛද්‍යවරයත් දැන් අපූරුවට එළියට ඇවිල්ල ආපහු ඒකම කරනවා කියන්නේ.ඕක කරපු දොස්තරටත් ඉතින් නිදහසට හේතු කොච්චර නම් ඇත්ද? රටේ නීතියේ ,දේශපාලනේ පිහිටෙන් දිගටම ඔය අපරාධ කරගෙන යන්න අනේ එතුමාටත් සවි ශක්තිය ලැබේවි.(දිල්)

:       0       0

ප්‍රසාද් Thursday, 20 November 2014 04:49 PM

කාන්තාවනි, කරුණාකර ඔබ සුදුසුකම් ඇති වෛද්‍යවරු ළඟට යන්න. වෙළඳ දැන්වීම් දැක රැවටෙන්න එපා. සුදුසුකම් ඇති වෛද්‍යවරු එහෙම දැන්වීම් දාන්නේ නැහැ (නි)

:       0       0

අංජු Tuesday, 18 November 2014 02:48 PM

අනේ මංදා තමන්ගේ ස්භාව ධර්මයෙන් ලැබුන මේ තාවකාලික ශරීරය කෝටි ගණන් වියදම්කර වෙනස් කරන්න හදන්නේ හරියට සදාකාලිකව ජීවත් වෙන්න වගේ. හැම දේම අනිත්‍යයයි. (අ)

:       0       0

උත්තරා බණ්ඩාර Wednesday, 19 November 2014 02:22 PM

කැනඩාවේ , ඇමරිකාවේ යුරෝපයේ බහුතර කාන්තාවන් පියයුරු ලොකු කරගන්නට බොහෝ වියදම් දරනවා. ඒවාටම විශේෂ වූ ශල්‍යාගාර වලට ඉමහත් මුදලක් ගෙවනවා. ඒකට ලංකාවේ කාන්තාවන් තම පියයුරු කුඩා කරගන්නට ගොස් අකාලයේ ලෙඩ රෝග සහ ජීවිතය නැතිකර ගන්නවා (නි)

:       0       0

කරුණාවතී Tuesday, 18 November 2014 05:59 PM

අනේ ඇත්තට මේ කාන්තාවන්ට තියෙන පිස්සුවක්! (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 18 November 2014 06:37 PM

මේවගේ පණ්ඩිත වැඩ කරගන්න ගිහින් වැඩේ අප්සට් වුනාම ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට පැමිණෙන ගැහැණු කට්ටියට ' ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කල යුතුයි. (නදී)

:       0       0

නන්දන ජයසුරිය Tuesday, 18 November 2014 09:57 AM

බොහොම දක්ෂයි. අගය කළ යුතු වැඩක්. ඒ වගේම මෙවැනි ශරීර අංගයන් කුඩා කරගන්න දගලන අයට හොද පාඩමක්. යමක් වෙන්නට පෙර රජය මගින් මෙවැනි හොර සැත්කම් කරන තැන් වටලන්නේ නැත්තේ මන්ද යන්න ගැටලුවකි. (හේ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 18 November 2014 08:35 PM

අර සංදේශ කාව්‍ය වල තිබෙන විදියට බැරිද නව නිර්මාණ සකස් කරලා දොස්තර මහත්වරුන්ට ගානක් හොයාගන්න? (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Tuesday, 18 November 2014 08:56 PM

මෙවැනි අනවසර වෛද්‍ය වරුන්ගෙන් වන්දි ලබාගැනීමේ නීතියක් ඇතිකළ යුතුයි. (නදී)

:       0       0

මගලී ෆොන්සේකා Tuesday, 18 November 2014 11:05 AM

ඔබ තුමාට පින් අර අසරණ කෙනාට පිහිට වුණාට (හේ)

:       0       0

කින්ග්ස්ලි පෙරේරා Tuesday, 18 November 2014 11:57 AM

කොච්චර දැනුවත් කරත් හැදෙන්නේ නැති ජාතියක් තමයි මේ ගැහැණු අය. එක්කෙනෙක් මැරිලා එකේ උණුහුම යන්න කලින් තව එකෙක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site