
(විමුක්ති එස් රුද්‍රිගු)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලැබූ දොන් පියුම් හස්තික නොහොත් පියුමාව ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (04) නියෝග කළාය.
රක්ෂිත දීර්ඝය සඳහා අද (04) පියුම් හස්තිකව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියුම් හස්තිකව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්තුමියගෙන් ඉල්ලා සිටියේය. පසුගිය වාරයේදී ලබාගත් නියෝගය මත ප්‍රධාන පෙළේ බැංකු 5 ක පියුම් හස්තිකගේ නමට ඇති බැංකු ගිණුම්වල වාර්තා ලබා ගෙන ඇති බවත් එම වාර්තා විමර්ශනය කරමින් සිටින බවත් පැමිණිල්ල මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහිදී ප්‍රකාශ කළේය.
එහිදී දොන් පියුම් හස්තික වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිළිණ වීරසිංහ මහතා කියා සිටියේ වෙනත් පාර්ශ්වයන්ගෙන් ප්‍රධාන පෙළේ බැංකු 5 ක ඇති ගිණුම් වලට මුදල් වැටී තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එල්ල කර ඇති චෝදනාව අසත්‍යයක් බවයි.
දොන් පියුම් හස්තික නොහොත් පියුමාට එරෙහිව පානදුර අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව රතු වරෙන්තු නිකුත් කරනු ලැබූ අතර එම වරෙන්තු ක්‍රියාත්මක කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දොන් පියුම් හස්තිකව අත් අඩංගුවට ගෙන ඩුබායි සිට ගෙන ආවේය. අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කරමින් දින 90 කාලයක් රැඳවුම් බාරයේ තබාගත් අතර රැඳවුම් නියෝග අවසන් වීමෙන් පසු පියුම් හස්තිකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී ඔහුව තවදුරටත් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොටුව අධිකරණයේ පූර්වගාමී විනිසුරුවරයා නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් නීතිඥ තිළිණ වීරසිංහ මහතා පෙනී සිටියේය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියුමා යළි රිමාන්ඩ්