IMG-LOGO

පියුමි - චන්දිමාල් ඇතුළු පිරිස දින 14ක් නිරෝධායනට

(ශාන්ත රත්නායක)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පහේ හෝටලයකදී සාදයක් පැවැත්වීමේ චෝදනාව අධිකරණයෙන් ඇප ලැබූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ, මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ඇතුළු 13දෙනා පස්සර නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

පසුගිය 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ කොළඹ තරු පහේ හෝටලයක දී නිරෝධායන රීතින් උල්ලංඝනය කරමින් මෙම පිරිස අවස්ථා කීපයකදී  කොටුව පොලීසිය බාරවීමෙන් පසුද අත්අඩංගුවට ගෙන ඇත. පසුව එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කෙරිිණි.

ඉන් අනතුරුව අද කොළඹ කොටුව පොලිසිය එම පිරිස පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට රැගන ගියේය.



අදහස් (26)

පියුමි - චන්දිමාල් ඇතුළු පිරිස දින 14ක් නිරෝධායනට

තිලක් Wednesday, 02 June 2021 02:52 PM

පළමු දවසේම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කළා නම් හරි, ගෙදර ගිහිල්ලා ඇවිල්ලා කියන්නේ ගෙදර අයත් නිරෝධායනය කරන්න ඕනේ...

:       8       159

Shiran Wednesday, 02 June 2021 06:07 PM

ගණිකාවන් ප්‍රසිද්ධ එකම රට..

:       0       0

ජනක Wednesday, 02 June 2021 06:57 PM

පොලිසිය නෝණ්ඩි වුණාම තමයි ක්‍රියාකාරි වෙන්නේ....

:       0       0

Ramani Wednesday, 02 June 2021 07:24 PM

ඇයි මේ වගේ අය පුම්බන්නේ..? මෙයා ඊළඟපාර කොහෙන් හරි ඡන්දය ඉල්ලයි.

:       0       0

Bandula Kendaragama Wednesday, 02 June 2021 08:49 PM

ගොඩක් හොඳයි..

:       0       0

Buddika Thursday, 03 June 2021 01:54 AM

බොහොම හොඳයි.. රූපය සහ ප්‍රසිද්ධිය තිබ්බට මොලේ නැති රැළකගේ හැසිරීමක්...

:       0       0

Nuwan Thursday, 03 June 2021 05:42 AM

එතකොට අර නලුවගේ දුව ගනෙියන්නේ නැද්ද

:       3       87

ruchiThursday, 03 June 2021 07:19 AM

ගැලවිලා යනන පුලුවන් අයට යන්න දීපල්ලා

:       0       0

මංගල Thursday, 03 June 2021 06:13 AM

මේ සිස්ටම් එකම වැරදියි. මේ ගොල්ල කරපු වැඩේ වැරදි තමා. ඒත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක තැන එක එක විදියට. මීට කලින් හෝටලේක මගුලක් අරන් එයාලව එම හෝටලේම නිරොධායනය කලා, කුරුණැගල කේක් කාපු අයට මොකුත් නැහැ, පුත්තලමේ මළගෙදර දහස්ගානකට මොකුත් නැහැ, මෙතනදි වෙන්න තිබුනේ මේ කට්ටියම එම හෝටලේම සහ අනෙකුත් සහභාගි වෙච්ච අයව ඒ තැන්වලම නිරෝධායනය කරලා පසුව නඩු පැවරීම. මේ කරපු සංදර්ශනෙන් මෙතන කී දෙනෙක් අනතුරේද? මේ ගොල්ලන්ව එහාට මෙහාට අරන් යන එක සහ ඒ රාජකාරි වලට යොදවන අයට මොනතරම් අවදානමක්ද? මට නම් මේ මුලු සිද්ධියම පෙනුනේ මොකක් හරි තරහක් පිරිමහගන්න හදනවා වගේ.

:       50       26

NuwanThursday, 03 June 2021 07:11 AM

මෙතන ගැටලුව ආවේ නැවක් එක ගිලෙන වෙලාවේ සිදිධියත් වුණා

:       0       0

samanThursday, 03 June 2021 07:34 AM

මංගල, අපි මේ ගෙවල් වලට වෙලා රස්සාවට යන්නේ නැතිව,පඩි අඩුවෙන් අරගෙන ඉන්නේ මේ ප්‍රශ්නේ ඉක්මනට ඉවර වෙයි කියල හිතාගෙන.

:       0       0

palitha Thursday, 03 June 2021 06:54 AM

හම්මෙ බලන්න එපැයි ගරු ගාම්බීර ලෙස යන උජාරුව. රජ්‍ය අනුග්‍රහයෙන්.

:       3       18

SUNIL MILANO Thursday, 03 June 2021 06:59 AM

අපි නොදන්නවයැ මේ අය ගැන

:       3       32

විජේ Thursday, 03 June 2021 07:20 AM

අනේ මන්දා, මේ මිනිස්සුන්ගෙ උපන්ගෙයි වැරැද්දක්ද එහෙමත් නැත්තං වෙන මොනවාවත්ද කියලා....... මොනවා උනත් එක වල්ලෙ සුපිරිම බඩු ඉතින් ආය........ ඇබිත්තං මොල කෑල්ලකුත් එක්ක ජීවත්වෙන්න ලැබුනනං තමයි හොද, පව්.

:       0       0

hesa Thursday, 03 June 2021 07:26 AM

ඇයි මේ දෙදෙනා පමනක් high light කරමින් කතා යන්නෙ..ඉතිරියට වෙනම නීතියක්ද කියල විමසන්න චමුදිත තුමෝ

:       0       0

SUNIL MILANO Thursday, 03 June 2021 07:28 AM

මේ ගැන කතා කරල ඇති වෙන්නේ නැනේ

:       0       0

Sri Lanka Thursday, 03 June 2021 07:38 AM

අනේ හා

:       0       0

fairoos Thursday, 03 June 2021 08:15 AM

මේවා නිකන් බොරු ෂෝ විතරයි. එතකොට තමයි මිනිස්සුන්ට තියෙන අනික් ප්‍රශ්න අමතක වෙන්නේ..

:       0       0

Kumara Thursday, 03 June 2021 08:54 AM

ඇයි දන්නේ නැද්ද නලුවගේ ඩුබායි බෑණා ප්‍රභූ පැළැන්තියේනේ... !!!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 June 2021 09:15 AM

පියුමී හංසමාලි යූ ටියුබ් එකේ කතාකරපු ආකාරය දෙස බැලීමේදී මෙතන අප නොදන්නා අසාධාරණයක් ඔවුන්ට වෙලා තියෙන බව පෙනේ. නීතිය කාටත්, සමාන විය යුතුයි. එසේ නොවී එය එක් පැත්තකට බරව කටයුතු කරන්නේ නම්, අසාධාරණයට ලක්වූ මිනිසුන් නැඟී සිටිනවා. ඒක තමයි සිදුවෙන දේ. මේ අයටත් ඒ වගේ අසාධාරණයක් වෙලා වගේ. එක්තරා විද්‍යුත් මාධ්‍යවේදියෙකු වෙත අය කරපු චෝදනාවලට ඔහු පිළිතුරු දිය යුතුයි.

:       0       0

Ranjan Ramanayake Thursday, 03 June 2021 11:27 AM

රටේ නීති කඩලා දැන් එනවා නීති කතා කරන්න.

:       0       0

lllaana Thursday, 03 June 2021 12:24 PM

කිරි අප්පට බල්ලො බැනපි...!!!

:       0       2

siri Thursday, 03 June 2021 01:03 PM

නිරෝධායනය ඉවරවෙලා ආවට පස්සේ මෙයාට ගුටි කන්න වෙන්නේ නාට්ටාමිලාගෙන්...

:       0       26

ගමේ එකාලා Thursday, 03 June 2021 01:13 PM

මෙයාලගේ කොහොමටත් තියෙන්නේ නිරුවත් වැඩ මිසක් අහවල් දෙයක් කියලායැ...

:       0       29

banda Saturday, 05 June 2021 02:51 PM

මේ උදවිය නිරෝධායනයට අඹේවෙල ගෙනියන්න.

:       0       0

Bamunuarachchi Sunday, 06 June 2021 10:35 AM

මෙයාට බෝ වුනොත් රටට ලොකු පොකුරක්...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 536 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 962 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site