IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පඹහින්න සිසුහු ඉවත් නොකැරෙති

බලන්ගොඩ පඹහින්න මංසන්ධියේ අට්ටාලයක් තනාගෙන සත්‍යග්‍රහයක යෙදෙන සබරගමුව විශ්ව විද්‍යාල සිසුන් ඉවත් කිරීමට පොලිසිය බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමක් බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ජී එල් කන්නන්ගර මහතා ප්‍රතික්ෂේප කළේය.

නේවාසිකාගාරයක බලහත්කාරයෙන් රැඳී සිටින විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඉවත් කිරීමට අවසර දෙන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලී සිටි අතර ඊට ද අවසර නොලැබිණි.

පඹහින්න මංසන්ධිය ආසන්නයේ සිදු කරන සත්‍යග්‍රහය නිසා ජනතාවට අවහිරතා සිදු වෙන බව පොලිසිය අධිකරණයට කරුණු දැක්වීය.



අදහස් (0)

පඹහින්න සිසුහු ඉවත් නොකැරෙති

ධම්ම Tuesday, 14 October 2014 12:53 PM

ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙමු.(හේ)

:       0       0

විකුම් Wednesday, 15 October 2014 04:57 AM

ඉතාම හොඳ තීන්දුවක්.(හේ)

:       0       0

පද්මිණි Wednesday, 15 October 2014 05:19 AM

මෙතන සිසුන් ඉන්නේ වැස්සට නෙවෙයි. රටක පරිපාලන බාර ගන්නේ යම් දිනක මේ ළමයි. සරසවියේදී සිසු අරගල කරන්නේ සියලු දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. සරසවි ඇවිල්ල බෝ පැල වගේ ඉඳල ගියේ කවුද ? අසාධාරණය වෙනුවෙන් පෙනී සිටීම මේ දරුවන්ගේ වගකීම. (හේ)

:       0       0

රංග Wednesday, 15 October 2014 06:09 AM

උපාධියක් තිබු පමණින් රටේ පරිපාලනය කරන්න සුදුසු වෙන්නේ කොහොමද ? එදිනෙදා සමාජයේ ජීවත් වෙන්න ප්‍රායෝගික බුද්ධියක් නැති අයට රටේ පරි පාලනය භාර දුන්නොත් හොඳට හිටීවි.(හේ)

:       0       0

ගයාන් Wednesday, 15 October 2014 06:24 AM

ඉතා හොඳ යි .ළමයින්ට නිදහසේ කැමති විදියට ඉන්න ඉඩහරින්න .පෙළපාලි ,උද්ගෝෂණ ,හර්තාල් ආදියට.මේ අපේ ජාතික වීරයන් උසාවියටත් ජයවේවා.(අ)

:       0       0

අමර ෙ Wednesday, 15 October 2014 07:03 AM

මේ අයව හදන්න බෑ.(හේ)

:       0       0

ඉරෝකා Tuesday, 14 October 2014 03:46 PM

අධිකරණය සාධාරණයි.(හේ)

:       0       0

ටෙනිසන් Tuesday, 14 October 2014 04:38 PM

ඔන්න විනිසුරුවරු! අතීතය මතක තිබෙන, පක්ෂ පාට නොබලා කොන්ද කෙළින් තියාගෙන, අසාධාරණයට එරෙහිව තීන්දු තීරණ අරගෙන... (නි)

:       0       0

එමිල් Tuesday, 14 October 2014 04:45 PM

මහේස්ත්‍රාත්තුමාට ජයවේවා! (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 14 October 2014 07:57 PM

මහේස්ත්‍රාත්වරයාට අපේ උපහාරය! විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ඇතුළට පොලිසිය ඇතුලු කිරීම ප්‍රශ්නය සංකීරණ කරන්නක්. ඔවුන් එනවිට අනිවාර්යයෙන්ම සිසුන් ප්‍රකෝප වෙනවා. (නි)

:       0       0

සාගර Wednesday, 15 October 2014 12:02 PM

රටේ මහජනතාවගේ බදු මුදලින් නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට සරසවි වරම් ලබා මේ ආකාරයෙන් හැසීරීම අනුමත කළ නොහැක.(හේ්)

:       0       0

කරුණාරත්න Tuesday, 14 October 2014 11:41 PM

ඔන්න ඔය ළමයින්ට ඉන්න දෙන්න. විශ්ව විද්‍යාලයට ඇතුළත්වුණ එකෙන් වැඩක් ගන්නේ නැත්නම් ඒක ඒගොල්ලන්ගෙයි, එයාලගේ දෙමපියන්ගෙයි වැඩක්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 15 October 2014 01:19 AM

සිසු අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කරන ලද නියෝගය අගය කරමු. (නි)

:       0       0

විරාජ් Wednesday, 15 October 2014 02:16 AM

හැමතැනම උසාවිය රටේ නීතියට මුවාවෙලා මර්දනය කරන්නේ කවුද කියලා අපි දන්නවා. වැලි කොට්ට අදින්න කෝටි ගණන් සල්ලි යටකරන රටේ මේවාට විසඳුම් දෙන්න බැරි ඇයි? (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 15 October 2014 03:11 AM

සිසුන්ට ඕනෑ විදියට ඕනෑ දෙයක් කරගෙන අන්තිමට උපාධි සහතිකෙත් තමන්ම අත්සන් කරගෙන පිටවෙන්න ඕනෑ එහෙම නම්.එහෙම නැත්නම් පුර්ණකාලීනව සරසවිය දේශපාලන මුලස්ථානයක් හැටියට පවරලා ඔවුන්ට ඕනෑ හැටියට දේශපාලනය කරන්න අපි ඉඩදෙමු.අපි ඔහේ ඔය පාඩුව කොහොම හරි විඳදරා ගමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1566 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 553 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 626 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site