පෙම්වතියගේ රන් පෙන්ඩනය හා මාලයක් මහරගම කනත්ත ළඟදී හය මාසයකට පෙර කඩා ගැනීම සැළැසුම් කළ පෙම්වතා ද මාල කොල්ලකරුවන් පිරිසක් ද අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ නොවිසිදුණ අපරාධ අංශය කියයි.
පෞද්ගලික රෝහලක හෙද පාළිකාවක වන පෙම්වතිය සමඟ පෙම්වතා ගමනක් යද්දී ත්‍රිරෝද රියකින් පැමිණි පිරිසක් රුපියල් ලක්ෂයක රන් බඩු කොල්ල කා ඇත.
දොදනාම මේ ගැන පොලීසියට පැමිණිලි කළත් කොල්ලකරුවන් අල්ලා ගැනීමට නොහැකි විය.මිරිහාන පොලිස් පරීක්ෂකයින් සොයාගත් කරුණු අනුව කොල්ලකරුවන් රුපියල් හැටඑක් දහසකට විකුණා ඉන් භාගයක් පෙම්වතාට දී ඇත.
රන් බඩු දකොල්ලයට යොදාගත් ත්‍රිරෝද රිය ද සොයා ගැනීමට හැකි විය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතියගේ මාල කඩන්න පෙම්වතාත් හවුල්
පද්මා Tuesday, 16 September 2014 05:13 AM
අද කාලේ ඔහොම තමයි (දී)
ශාන් Tuesday, 16 September 2014 05:22 AM
මෙව්වා අහලා අපේ "වෙන්ඩ නෝනලත්" අපි එක්ක ගමන් බිමන් යන්න බය වේවිද දන්නෙ නෑ?(දී)
රෙජි-සිඩ්නි Tuesday, 16 September 2014 05:27 AM
අහිංසක තරුණියක් දුක් මහන්සි වෙලා හම්බ කරගත් දේ රවටා සොරකන් කල මොවුන්ට නීතියෙන් දැඩි දඬුවම් දෙන්න ඕනා. .පිරිමි කමටත් ලැජ්ජයි (නදී)
කාන්ති Tuesday, 16 September 2014 05:35 AM
අනේ මන්දා යමක් කමක් දැන උගත් සමාජයේ රැකියාවක් කරන කාන්තාවන් පවා මෙහෙම හොරුන්ට අහු වෙනවා නම් ගම්බද අඩු අධ්‍යාපනයක් ලබා රැකියාවට නගරයට එන අහිංසක ගෑනු ළමයින් කොහොම අහු වෙනවා ඇද්ද ? (නදී)
අපොන්සු Tuesday, 16 September 2014 07:36 AM
පෙමක මහිම. (අ)
චමින්ද Tuesday, 16 September 2014 09:03 AM
හෙදි පාලිකාවක් කියන්නේ [ මැදිවියේ කියලා හිතනවා ] දැනුම් තේරුම් ඇති කෙනෙක්නේ. මෙයාට බැරි වුනාද තමන්ගේ ප්‍රේමවන්තයා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් ගන්න (නදී)
සේනක Tuesday, 16 September 2014 10:14 AM
මෙහෙම පෙම්වතුන් ඕන තරම් ඉන්නවා (දී)
සමරේ(ගාල්ල) Tuesday, 16 September 2014 11:27 AM
“මම ඔයාට ආදරෙයි රත්තරං” කියල බෙල්ල දිහා බලාගෙන කිව්වෙ ඇයි කියල දැන් පෙම්වතියට තේරෙනව ඇති.(දී)
අනුර Tuesday, 16 September 2014 01:37 PM
අද කාලේ රත්තරන් ගනන්ද? (ස)
කුමාරි Tuesday, 16 September 2014 04:47 AM
ගැහැණු දරුවන් ඉන්න අම්මලාට කලන්තේ දමන ප්‍රවෘතියක්. අද කාලේ ඉන්න හැමෝම මෙහෙමද? ජිවිතේ හැම දේටම වඩා වටින්නේ ඇත්තටම සල්ලිද? (නදී)