
(ප්‍රසන්න පත්මසිරි,සමන් පාලිත නානායක්කාර සහ පාලිත ආරියවංශ)
බණ්ඩාරවෙළ නගරයේ තන්තිරිය ප්‍රදේශයේ අවන්හලක කාමරයක් තුළ ඇදක් මත ඝාතනයට ලක් වූ කාන්තාවකගේ මළ සිරුරක් අද සවස සොයාගත් බව පොලිසිය කියයි,
ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි ජී.ඩී සංජීවනී තුෂාරිකාද සිල්වා (40) හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් සිටියදි පොලිසිය සොයාගෙන තිබේ,
23 දින සවස කැළණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු හොටෙල් කාමරය කුළියට ගෙන නැවතුන බවත් 24 දින උදෑසන හාලිඇළ ඇටම්පිටිය ප්‍රදේශයේ 40 හැවිරිදි කාන්තාවක පැමිණ එම කාමරයට ගිය බවත් හොටලයේ සේවකයන් පොලිසියට පවසා තිබේ,
හොටෙල් කාමරයේ සිටි දෙදෙනාගෙන් පිරිමි පුද්ගලයා 24 දින සවස 4.30ට පමණ සැක සිතෙන අයුරින් එළියට දිව යනු දුටු සේවකයන් කාමරය දෙස බලද්දී වස ගද වහනය වන ඇද මත ලේ තැවරුණ රෙදි පොරොනයකින් කාන්තාවක වසා තිබෙන අයුරු දැක තිබේ,
පොලිසිය සිදු කළ පරීක්ෂණවලදි කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව ඇද මත මියගොස් තිබෙන බවත් පවසන පොලිසිය එම ඇද යට තිබී තියුණු පිහියක්ද සොයාගෙන තිබේ,
සැකකරු විසින් ලියන ලද බවට සැක කරන ලිපියක්ද එම ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන තිබේන අතර සැකකරු වස පානය කර දිව යන්නට ඇති බවට පොලිසිය සැක කරයි,
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරුට
Bunny Preena Friday, 25 August 2023 02:19 PM
මුදල් සම්බන්ධව පලහිලව්වක්ද?