(යොහාන් භාසුර)
රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (4) පැවසීය.
ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම අංකය නොමැතිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති නොකරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වීරසිංහ මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පෙබරවාරි සිට වාහන ලියාපදිංචියට ආදායම් බදු අංකය අනිවාර්යයි
サラタキールテイクマラシンハ Thursday, 04 January 2024 09:58 PM
රනිල්ගේ වැඩක්
බද්රානි Thursday, 04 January 2024 10:41 PM
මී හරක්ටත් බදු ෆයිල් එකක් තියන ලෝකයේ එකම රට සිරි ලංකාව වෙද්දී කාටද ආඩම්බර..? "කන්න නැතත් ඉන්න රටක්" ඕනෑ කියලා දැඟලුවේ කට කහනවාට නෙවෙයිනේ... පාලකයින්ට සින්දු, සෙත්කවි කියපු එකේ ප්‍රතිඵල ඇඟට දැනෙද්දී ඇතිවන දේශප්‍රේමී හැඟීම ගැන නම් කියලා වැඩක් නැහැ... මම මේ නොදන්නා නිසයි අහන්නේ, "හලාල් කෑම" දැන් නැත්තේ හලාල්වලට වැඩියෙන් බදු ගහලා හින්දාද..? ඒ කාලේ වඳ කොත්තු කාලා වඳ වුණු අය, දැන් බඩගින්නට වඳ වෙලා වගෙයි වැඩි සද්දයක් නැත්තේ...!
චන්දන Friday, 05 January 2024 07:54 AM
වාහනයක් ගන්න සියළු දෙනාම ආදායම් බදු ගෙවීමට තරම් ආදායමක් නැති අය බවත් සිහියට ගත්තොත් හොඳයි... එහෙම ආදායමක් තියෙනවා නම් ලීසිං කරන්න අවශ්‍ය නැහැ... රටේ පොදු ප්‍රවාහනය විධිමත් කරලා කාර්යක්ෂම කරනවා නම් මෙතරම් පුද්ගලික වාහන මිනිස්සුන්ට අවශ්‍ය නැහැ... ආණ්ඩුවට මේවා තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. දුම්රිය ධාවනය හොඳම උදාහරණය...!
RohanaFriday, 05 January 2024 01:10 PM
ලංකාවේ පාලකයින් දන්නෙ හිතෙන හිතෙන වෙලාවට බදු ගහන්න මිසක් කිසිම වැඩක් පිලිවෙලකට කරන්න දන්නෙනෑ. බදු ප්‍රතිපත්ති වැනි ජාතික ප්‍රතිපත්තිත් ආණ්ඩු වෙනස්වනවිට එකඑක දේශපාලකයන්ගෙ උවමනා එපාකම් අනුව වෙනස් කරනවා.එක කාලයක් බදු නැතිවම හිටිය. දැන් බදුවලින් හෙම්බත්වෙලා. ඇයි මේ බදු වෙනස?