වැටුප් කප්පාදුවක් හේතුවෙන්, පැපුවා නිව් ගිනියාවේ, මෝස්බි්‍ර අගනුවර, ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයන් අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 10 දෙනකු තුවාල ලැබූ බවත්ය.
කලහකාරී පිරිස් මෝටර් රථවලටත්, නගරයේ කඩසාප්පු සහ ගොඩනැගිලිවලටත් පහර දුන්හ. ඔවුහු සුපිරි වෙළෙඳසැල්වලට කඩා වැදී, අලාභහානි සිදු කරමින්, සුපිරි වෙළෙඳසැල් කොල්ල කෑමට පටන් ගත්හ. වැටුප් කප්පාදුව සිදුවී ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 50 කින් කප්පාදු කර ඇතැයි පැවැසෙයි.
පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය ජේම්ස් මරාපේ පසා ඇත්තේ, රජය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදුවක් සිදු නොකළ බවත්, වැටුප් කප්පාදුවක් වී ඇත්තේ වැටුප් සකස් කරන පරිගණක පද්ධතියේ සිදුවුණු දෝෂයක් නිසා බවත්ය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පැපුවා නිව් ගිනියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා ඔඩුදුවයි