IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාපන්දුවෙන් ඉතාලියේ නම තියයි

ඉතාලියේ බ්‍රේෂියා චැලෙන් ජර්ස් නගරයේ පාපන්දු ක්‍රීඩා සමාජය දෙවැනිවරටත් සංවිධානය කළ  වැලෙන්ජර්ස් පාපන්දු තරගාවලියේ ශූරතාවය වෙරෝනා නගරයේ ජෝලි බොයිස් ඒ කණ්ඩායම දිනා ගත්තේය. ස්ට්‍රීට් බෝයිස් කණ්ඩායමට අනු ශූරතාවය හිමි විය. මෙම තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ වූයේ මතකයෙන් ඈත්වී ඇති ඉතාලියේ සිටින දක්ෂ ශ්‍රී ලාංකික පාපන්දු ක්‍රීඩකයන් සොයා ඔවුන්ගෙන් සිදු වූ සේවයට උපහාර පිදීමයි.  ඒ අනුව මෙවර තෝරා ගන්න ලද්දේ පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් අමිල සේවයක් කළ  මිලානෝ එස්.එම්. කපිල ජානක මහතාට උපහාර පිදිමයි. හලාවත ආනන්ද මහා විදුහලෙන් හා වෙන්නප්පුව ජෝශප් වාස් මහා විදුහලෙන් අධ්‍යාපනය ලබා හලාවත චිලාව් බෝයිස්, වෙන්නප්පුව නිව් යන්ග්ස්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම, කොළඹ යෝක් කණ්ඩායම, ශ්‍රී ලංකා ජාතික කනිෂ්ට කණ්ඩායම ද නියෝජනය කරමින් විශිෂ්ට දක්ෂතා හා ජයග්‍රහණ ලබා ඇත. 1995 ඉතාලියට පැමිණි මොහු ශ්‍රී ලාංකික පාපන්දු කණ්ඩායම් දෙකක් වන මිලානෝ නගරයේ සෙලනියන්ස් හා බ්රේෂියා නගරයේ බ්රේෂියා පාපන්දු කණ්ඩායම්වලට ජයග්‍රහණ අත්පත් කැර දුන්නේය. පාපන්දු ක්‍රීඩාවට මඟ පෙන්වූ වෙන්නප්පුව නිව් යංග්ස් ක්‍රීඩා සමාජයේ කලමනාකරු වන රෝහිත ප්‍රනාන්දු මහතා ඔහු සිහිපත් කරයි. වම් පස සිටින්නේ ජානකයි



අදහස් (0)

පාපන්දුවෙන් ඉතාලියේ නම තියයි

ජසි Friday, 16 November 2012 09:29 PM

දකුණුපස සිටින්නේ ???(ස)

:       0       0

කොස්වත්ත Saturday, 17 November 2012 12:53 AM

වෙන්නප්පුවට බණින අයට මේක හොද උත්තරයක්. (නි)

:       0       0

සුනන්ද Saturday, 17 November 2012 01:10 AM

වෙන්නප්පුවට අපහාස කරන නන්දන පනාගොඩ මහතාට අපගේ ආරාධනය මෙයටද හැකි අපහාසයක් කරන ලෙසටයි. ස්තුතියි! (නි)

:       0       0

සිතාර Saturday, 17 November 2012 01:11 AM

ජෝශප් වාස් කොල්ලෙක් නම් ආයෙ අහන්න දෙයක් නැහැ. සුභ පැතුම්! (නි)

:       0       0

විතානගේ Saturday, 17 November 2012 01:28 AM

ඉතාලියේ ක්‍රීඩා සමාජයකට බැදෙන්න බැරිද? (නි)

:       0       0

මිලින්ද Saturday, 17 November 2012 03:48 AM

ජයවේවා

:       0       0

නිමල් Saturday, 17 November 2012 08:30 AM

ආඩම්බරයි ඔබලා ගැන , සුබ පැතුම් (ස)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 17 November 2012 07:25 PM

සුනන්ද මුදල් මත්පැන් දේවත්වයෙන් සලකන අයට අධ්‍යාත්මික වටිනාකමක් කියාදීම අපහසුදෙයක්ද?(නු)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 17 November 2012 07:30 PM

ලංකාවේ මෙන්ම ඉතාලියේ ලාංකිකයන්ද හැම මුල්ලකම පාපන්දු කණ්ඩායම් හදාගෙන ඉන්නවා.. ඒවාට ඕනෑම කෙනෙක්ට සෙල්ලම් කරන්න පුළුවං... හරි දක්ෂයෙක්නම් ඉතාලි ක්‍රීඩා සමාජයක කණ්ඩායමකට ඇතුල් විය යුතුයි..!(නු)

:       0       0

චන්දන Saturday, 17 November 2012 02:06 PM

වැඩි ගාණකට ක්ලබ්වලින් ඉල්ලාවි (ස)

:       0       0

ප්‍රනාන්දු Saturday, 17 November 2012 02:58 PM

දකුණුපස සිටින්නේ රෝහිත ද????? (ස)

:       0       0

නිමල් Sunday, 18 November 2012 01:18 AM

ඉතාලි ක්‍රීඩා සමාජවල වල සෙල්ලම් කරන්න තිබුණා, ඉතාලියට වීසා ඇතුව ඒ දවස්වල ආවා නම්. මොනවා වුණත් ඔබ දක්ෂයෙක් ජානක,මේ වැනි දෙකින් පිදුම් ලබන්න ලැබීම. (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 17 November 2012 03:27 PM

ඉතාලියේ පාපන්දු හා ලංකාවේ පාපන්දු . අනේ මන්දා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site